
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ලුණුවිල පොල් පර්යේෂණාගාරයට අයත් පල්ලම පිහිටි ජාන සම්පත් මධ්‍යස්ථාන භුමියේ ලක්ෂ 50 ක වියදමින් ඉදිකරන රසායනාගාර ගොඩනැගිල්ල ඉදි කිරීම් කර දින 12 ක් යාමටත් පෙර බිත්ති ගිලා බැස පුපුරා යමින් ඇති බව සේවකයන් හා ප්‍රදේශවාසින් චෝදනා කරති.
වෙන්නප්පුව වයික්කාල පිහිටි පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක් හරහා මෙම රසායනාගාරය ඉදි කිරීම් සිදු කරනු ලබයි.
මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා අත්තිවාරම් කැපිම සැප්තැම්බර් 23 දින වන අතර 24 දින අත්තිවාරම් දැමිම සිදුව ඇතැති තතු දත්තේ පවසති.
බිත්ති බැදිම ඊට දින දෙකකට පසු එනම් 25 දින උදෑසන සිට ආරම්භ වි ඇත.
ඔක්තෝම්බර් 5 දින අද හැළුණු මහ වර්ෂාවත් සමග එහි අත්තිවාරම් ගිලා බැස බිත්ති පුපුරා ගොස් ඇතැයි දැනගන්න ඇත.
ශ්‍රී ලංකාවේ පොල් වගාව නන්වා ලිමේ අරමුණින් සුවිශේෂ කාර්ය භාරයක සිදුකරන ස්ථානයක ඒ වෙනුවෙන් ඉදිකරන රසායනාගාර ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් ඉදි නොවේ නම් ඒ සදහා වගකිව යුත්තේ කවුදැයි සේවකයන් හා ප්‍රදේශවාසින් ප්‍රශ්ණ කරති.
මේ පිළිබදව ලුණුවිල පොල් පර්යේෂණායතනයේ සභාපති ආචාර්ය සනාතනී රණසිංහ මහත්මියගෙන් කළ විමසිමේදි ඇය මෙසේ පැවැසුවාය.
“ මේ වන විට මෙම ගොඩනැගිල්ලේ ස්ථාන දෙකක ප්‍රශ්නයක් මතුවි තිබේන බව දැන ගන්න ලැබුණා .එය කොන්ත්‍රාත්කරුට දන්වා අදාල කොටස පමනක් කඩා දමා නැවත ඉදි කරන්න කියලා දැනුවත් කලා යැයි ඇය පවසයි.
නමුත් නම් හෙළි කිරීමට අකමැති පොල් පර්යේෂණායතනයේ නිළධාරියෙක් පවසා සිටියේ ගොඩනැගිල්ල පුරාම පිපිරීම් 20 කට අධික ප්‍රමාණයක් පවතන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම කොන්ත්‍රාත් එකෙන් 40% දේශපාලුවෝයි අනිත් අයයි බෙදාගන්න ඇති. මේවා මිනිස්සුන්ගේ බදු වලින් ගසාගෙන කන සල්ලි.
ජනෙල්, උළුවහු උඩ මට්ටමෙන් වටේටම යන ලින්ටල් එක.., දොර, ජනෙල් එන තැනට විතරයි දාලා තියෙන්නේ.. මෙහි ඇස්තමේන්තු මුදල කීයද?
පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිනිය නොදැනුවත්ව මෙබඳු දූෂණයක් සිදුවෙන්න බැහැ. කොන්ත්‍රාත් කරුවා සහ ඔහුගේ සම්බන්ධකම් සොයාබැලිය යුතුයි...!!!
අපේ රටේ මොකක්ද හරියටම කෙරුවේ ,වැඩිපුරම ගිලපුවා, අන්තිමට ගිලා බැහැලා ?