(දයාසීලි ලියනගේ)

ගම් මට්ටමින් විවිධ සංවිධානවලට කොන්ත්‍රාත් ලබාදීමේදී සුදුසුකම්ලත් කමිටුවක් මගින් පරික්ෂා කර පළපුරුද්ද හා  හැකියාව පිිළිබඳව සොයා බලා ඒවා ලබාදීමට කටයුතු කරන්නැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සියලු ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දන්වා ඇත.

කොන්ත්‍රාත් බාරදීමේදී  විවිධාකාර දේශපාලන හිතවත්කම් මත නොවටිනා ගණන්වලට කොන්ත්‍රාත් පවරන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත

එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝජිතයන්  දෙදෙනකුගෙන් සමන්විත කමිටු පිහිටුවන ලෙස භාණ්ඩාගාර ලෙක්ම්වරයා උපදෙස් දී ඇත.

එම කමිටිව කොන්ත්‍රාත්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කරන ලෙසත් පළපුරුද්ද හා හැකියාව පිළිබඳව සොයා බැලීම සිදු කළ යුතුව බවද දන්වා ඇත. ඒ අනුව සමෘද්ධි, විවිධ සේවා සමූපකාර, කම්කරු, ග්‍රාමීය සංවර්ධන, පාසල් සංවර්ධන, ගොවින සංවිධාන විහරස්ථ දායක සභා ඇතුළු ගම් මට්ටමේ සමිතිවලට කොන්ත්‍රාත් පැවරීමේදී සුදුසුකම් හා පළපුරුද්ද සොයා බැලීම අනිවර්ය වේ.