(සනත් ගමගේ සහ චන්ද්‍රෙස්න ගමගේ)
හුංගම ඇත්බටුව ප්‍රදේශයේ හැත්තෑ හැවිරිදි සැමියා සිය බිරිඳ සහ බාල පුතුගේ බිරිය (ලේලියට) කැත්තකින් කොටා සිය නිවස ඉදිරිපිට මිදුලේ ඝාතනය කර ඇති බව හුංගම පොලීසිය කියයි.
කාන්තාවන් දෙදෙනාගේම ගෙල වෙන්වන සේ කපා මරා දමා තිබූ බව පොලීසිය කියයි.
මෙසේ මරා ඇත්තේ හුංගම ඇත්බටුව පදිංචි වීරසිංහ පට්ටිය ගමගේ ප්‍රේමාවති (67) බිරිඳ සහ ගීගනගේ රම්‍යා ප්‍රියදර්ශනි චන්ද්‍රකාන්ති (39) ලේලිය බව පොලීසිය කියයි.
අපරාධය සිදු කල 70 හැවිරිදි අපරාධකරු කාන්තාවන් දෙදෙනා ඝාතනය කල කැත්ත සමඟ එම ස්ථානයේ දීම අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බාල පුතා වන අතර ඔහු කොළඹ ප්‍ර දේශයේ රැකියාවක නිරත වෙමින් සිටින බවත් පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් ලංකාවේ මිනිස්සු ගැන කියලා වැඩක් නැහැ. හැමදාම මෙවැනි පුවත් අහන්න ලැබීම ... කණගාටුයි.