(විනීතා එම් ගමගේ)
ගාල්ලේ පිහිටි සිමෙන්ති කම්හලට හුණුගල් ගෙන ඒම ආරම්භ කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නියාමකවරුන් හා රියැදුරු මහත්වරුන් වෙනුවෙන් පුත්තලමේ පිහිටි තරු හෝටලය දී යළිත් මත්පැන් සාදයක් පවත්වා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම සාදයට නියාමකවරුන් ගේ සංගමය නියෝජනය කරමින් නියාමකවරුන් පිරිසක් හා රියැදුරු සංගමය නියෝජනය කරමින් රියැදුරන් පිරිසක් ද සහභාගි වී ඇති අතර ඒ සඳහා එම පිරිස සාදයට ගොස් ඇත්තේ නියාමක පරික්ෂකවරයා වෙනුවෙන් වෙන් කර ඇති කැබ් රථයෙනි.
පුත්තලම අරුවක්කාඩුවෙන් ලබා ගන්නා හුණුගල් පුත්තලම සිමෙන්ති කමහලට ගෙන යන්නේ දුම්රිය ගැල් මගින් වන අතර ගාල්ලේ පිහිටි සිමෙන්ති කම්හලට ද අරුවක්කාඩුවෙන් හුණුගල් ගෙන ඒම ආරම්භ කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව හා සිමෙන්ති සමාගම අතර ගිවිසුමක් අස්සන් කරනු ලැබ ඇත.
ඒ අනුව හුණුගල් ගෙන ඒම ආරම්භ කළ අතර ඊට පෙර අදාල සමාගම රියැදුරන් හා නියාමකවරුන් වෙත විශේෂ මත්පැන් සාදයක් පවත්වා ඇත.
මීට පෙර අවස්ථාවක දී ප‍්‍රිමා සමාගමේ පිටි දුම්රියෙන් ගෙන ඒම ආරම්භ වූ අවස්ථාවේ දීද දුම්රිය නියාමකවරුන් හා රියැදුරන් පිරිසක් එම සමාගම විසින් ත‍්‍රිකුනාමලයේ තරු හෝටලයක දී පැවැත්වූ සාදයකට සහභාගි වී තිබු අතර දුම්රිය සාමාන්‍යධිකාරිවරයාගේ වාහනයෙන් ගොස් එයට සහභාගිවී තිබුණත් මේ වනතුරුත් ඒ පිළිබඳව කිසිදු පරික්ෂණයක් පවා සිදු වී නැතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් රාජ්‍ය නිලධාරින් මෙසේ සමාගම්වලින් ලබා දෙන මත්පැන් සාද සඳහා සහභාගි වීම අනුමත කළ නොහැකියැයි මේ සම්බන්ධව අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවතෙහි සඳහන් කරුණු කාරණා සියල්ල සත්‍ය නම් අපට කීමට ඉතිරිව ඇත්තේ "නොදකින් කාලකන්නි" යන්න පමණි. මොවුන්ගේ අඹුදරුවන්ට මොනතරම් ලැජ්ජාවක්ද..? පව් ඒ අහිංසකයන්. අපට අපගේ දෙමාපියන් කුඩාකළ සිටම කියාදුන් එක් කරුණක් ඇත. පුතේ, දුවේ පිනට අනුන්ගෙන් වතුර පොදක්වත් නොගන්නා ලෙස... එම ඔවදන කොතරම් වටිනවාද යන්න මෙවන් අයට කෙසේ තේරුම් කරන්නේද..? මෙම අදහස් එම ගිනිවතුර සාදයට සහභාගී වූ සියලුම අයට කියවීමට හැකි වේවා..
මේක සර්ගේ ආණ්ඩුවනේ.. සිරිසේන රට කාලා ගියා. දැන් ඒකට නන්දසේන..
ඒකෙ වැරැද්ද මොකද්ද කියලා මට නං තේරෙන්නේ නෑ... රාජකාරි නොවන වෙලාවක සාදයකට සහභාගි වීම වරදක්ද?
මගී අපිත් වෙලාවට වැඩට යන්න ඕනෑ නම් දුම්රිය රියදුරන්ට හා නියාමකයන්ට වෙනම පාටියක් වත් දීලා බලමු.
මෙව වැරැදි ආදර්ශයකි. සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත්කරමින් මෙවැනි සාද බලාපොරොත්තු විය හැකි නිසා.
මගීන් අපහසුතාවයට පත්කරමින් ආණ්ඩු පෙරළන්න උරදුන්නු දුම්රිය වර්ජකයන්ට සාදයක් දීගන්න බැරිවුණු කොරෝනා නිසා ඒකටම දන් දුන්නේ...