( තිළිණි ද සිල්වා )
රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව විදේශ කටයුතු නව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ රජයේ සිටින හිටපු විදේශ කටයුතු අමාත්‍යවරුන් මේ වන විටත් තනි තනි වශයෙන් විදෙස් තානාපතවරුන් හමුවී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මේ අතර විදේශ කටයුතු නව අමාත්‍යවරයා සාර්ක් රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුලූ ඔහුගේ නියෝජිතයින් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.
අමාත්‍යවරයාගේ කාර්යාලයේදී මෙම හමුව සිදු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
එම සාකච්ඡාව සඳහා ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල වල තානාපති නියෝජිතයින් සහභාගී වී තිබේ.
නව විදේශ කටයුතු අමාතශාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම විදේශ රටක නායකයෙක් සතියක් ගතවෙලත් මෙතෙක් අගමැති මහින්ද රාජපක්ෂට සුබ ප්‍රාර්ථනා කර නැත්තේ කුමක් නිසාද?
දැන් හැකි හැම දෙයක්ම කරනවා ජරා වැඩේ වහගන්න!!!
හොඳටම බයවෙලා වගේ
කෝ බටහිර සහ ඇමරිකානු කැනඩා තානාපතිවරු නැද්ද?
ධනවාදී රටවල් පටන් ගැන්මේ. ම කිව්වා කූඨ ක්‍රියාව එරෙහිව පාර්ලිමේන්තුව. කැදවන්න කියල ඇහුවේ නැහැ. බලමු මොකද? වෙන්නේ. කියල