(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු වෙනුවෙන් ශෝකය පළකිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා සිකුරාදා පැවැත්වීමට නියමිතය.
පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද රත්නායක, කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ආර් ඩබ්ලිව් රාජපක්ෂ, කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි, කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච් .ආර් මිත්‍රපාල, සහ අනුරාධපුරය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.බී දිසානායක යන පස් දෙනා වෙනුවෙන් මෙම ශෝක යෝජනා විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පොදු ජනතාව දවසින් දවස මැරි මැරී ජීවත් වෙන එකට කවද්ද ඔය පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වන්නේ..?