
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි ඔහුට චෝදනා නගා තිබිණි.
තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ගොනුකළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය එම දැනුම් දීම සිදුකළාය.
මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩු කටයුත්තේ විත්තිකරු වශයෙන් නම් කර සිටින පෙත්සම්කාර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.
ඒ අනුව ඒ පිළිබඳව මහාධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.
ඒ අනුව මෙම නඩුකරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එය නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව බැහැනේ යුද්දෙ දින්නනේ...
අතුරුදන් වූ තරුණයින්ටත් ඒ පවුල්වල අයටත් වූ අසාධාරණය තරයේ හෙළා දකිමු. මේ තරුණයාගේ විග්‍රහයෙන් වැඩක් නැහැ. වැඩක් තියෙන්නේ කැලේ නීතිය රජ කිරීමයි...
උසාවි කුමටද අද දවසේ? හැම චූදිතයාම නිදහස්. මෙහෙමත් දේවල් මොන රටේද වෙන්නේ?
යුද විරුවන් කොටුකරන්න නිවටයින් පාලනයේ සිටිද්දී කරපු මගඩි තමයි මේ...
සම්බන්ධයක් නැතිනම් සාක්කි සහිතව ඔප්පුකරලා නිදහස් කළොත් නේද වැදගත්... ?
රජය කෙරෙහි ජනතාවගේ කඩවුණු විශ්වාසය දිනා ගැනීමේ තවත් පියවරක්... අතුරුදන් වූවන් එලොව ගියේ දේව වරමකින් බවට ඉදිරියේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥතුමිය අධිකරණය දැනුවත් කරන්නට ඉඩ ඇත. ඉඩි අමීන්ගේ පාලනයට සමාන රාජ්‍යයේ පුරවැසියන් එය අසා නැවත වතාවක් නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කර ගැනීමට විරුවෙක් රජ කරවනු ඇත. යුද්ධය දිනු නිසා සොරකමේ යෙදුණාට ජනතාවට කමක් නැත. එ් වගේම යුද්ධය දිනූ නිසා පුරවැසියන් අතුරුදන් කළාටද කමක් නැත. රටක් හැටියට පවතින තත්ත්වය ගැන අපි ලැජ්ජා විය යුත්තෙමු...
සර් ආපු දවසේ ඉඳන්ම කරේ ඔය ටිකතමයි. වහල්ලුන්ටනම් සර් පාස්.
සම්බන්ධය තිබුණා නම් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ... ඒ වෙනුවට කළේ නාවික නිලධාරීන් රිමාන්ඩ් කරලා ඔවුන්ට බලපෑම් කළ මේ කාලේ අහවලා කියලා කිව්වොත් හෙටම නිදහස් කරනවා කියලා... මේ නඩු දැම්මේ ඒකෙ එක්කෙනාගේ පුද්ගලික තරහ නිසා පිළිගන්නනේ...
මෙහෙම දේවල් තමා බලාපොරොත්තු වෙන්න පුලුවන්....
චන්දන, ඇයි රිදුනද? යහපලුවෝ ගොන් වැඩ කරනකොට නම් සද්දයක් නැහැ.