IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති හිමිකම් ගැන අධිකරණ මතය කතානායකට

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනුකර ඇති පෙත්සම් හතක තීන්දුව ඉදිරියේදී කථානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) ප්‍රකාශයට පත් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛාවකගේ සහ ජනමත් විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට ගැනීමෙන් පසු ඒ බව දැනුම් දුන්නේය.

අගවිනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීණී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු නාවික හමුදාපති මොහාන් විජේවීක්‍රම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ඇතුළු හත්දෙනෙකු මෙම පෙත්සම් හත ගොනු කර ඇති පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇත.

පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී හිටපු නාවික හමුදාපති මොහාන් විජේවීක්‍රම මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබි්‍ර මහතා මෙසේ මෙසේ පැවසීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි වගන්තිය යටතේ  ජනාධිපතිවරයකුට ලැබිය යුතු වරප්‍රසාද සහ ආරක්ෂාව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.  විශ්‍රාමික ජනාධිපතිවරයෙක් වුවත් ඔහු විධායක ජනාධිපතිවරයක්” ඔහු ජනාධිපතිධුරයට පත්වන්නේ බහුතර ජනතා කැමැත්තෙන් පරමාධිපත්‍යය ඔහු නියෝජනය කරනවා- ජනතාව විසින් ඔහුට ලබාදී ඇති වරප්‍රසාද යම් ආකාරයකින් හෝ ඉවත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්ත විමසිය යුතුයි. වරප්‍රසාද ඉවත් කළ යුත්තේ ජනතා කැමැත්තෙන්. ඒ අනුව හිටපු ජනාධිපතිවරයෙකුගේ වරප්‍රසාද ඉවත් කිරීමට ව්‍යවස්ථාදායකයට කිසිවිටෙකත් බැහැ” ඒ සම්බන්ධයෙන් පූර්ණ බලය ඇත්තේ ජනතාවට වන හෙයින් මෙය ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් පැහැදිලි තීන්දු තීරණ ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ නඩු තීන්දු කිහිපයකින් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරණයකුට ව්‍යවස්ථාවෙන් දී ඇති ආරක්ෂාව වැඩි කළ හැකි වුවත්  එය අඩු කළ නොහැකියි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත  අනිවාර්යයෙන්ම ජනමත් විචාරණය සඳහා යොමු කළ යුතුයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉරාජ් සිල්වා මහතා කරුණු දක්වමින් ජනාධි නීතිඥ අලි සබි්‍ර සහ අනෙකුත් නීතිඥවරුන්ගේ දේශනා අනුමත කරන බවත් මෙම පනත් කෙටුම්පතේ වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 11සහ12 යන වගන්ති උල්ලංඝනය වන බවත් ඒ අනුව මෙම පනත් කෙටුම්පත අනිවාර්යෙන්ම විශේෂ බහුතර මන්ත්‍රී සංඛාවකගෙන් අනුමත කර ජනමත විචාරණයට යොමුකළ බවත් කීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක බරන් මහතා කියා සිටියේ ජනතාව විසින් ජනාධිපතිවරයෙකුට දී ඇති බලය ඉවත් කළ යුත්තේ ජනතාව විසින්ම බවත් ඒ අනුව අනිවාර්යයෙන් මෙය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවත් පැවසීය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දායාරත්න මහතා කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත විශ්‍රාමීක ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් වන එකක් බැවින් ජනමත විචාරණයකට යොමු කර යුතු බවට කරුණක් පැන නඟින නමුත් එය ජනතාව විසින් ලබාදී ඇති බලයක් වශයෙන් සැලකිය නොහැකි බවත් අනිත් අතට මෙය වත්මන් රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් බවත් ඔවුන් එය ජනාධිපතිවරණයේදී ලබාදී ඇති පොරොන්දුවක් බවත් මෙම පනත් කෙටුම්පත මගින් කිසිදු අයිතිවාසිකමක් කඩ නොවන බවත් පැවසීය.

පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් පිළිබඳ තීන්දුව  ඉදිරියේදී කතානායකවරයාට දැනුම් දෙන බව දැනුම් දුන්නේය.



අදහස් (0)

හිටපු ජනපති හිමිකම් ගැන අධිකරණ මතය කතානායකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site