වසර 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශයන්ට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු යහපාලන රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හා නිලධාරීන් අපරාධ චෝදනාවලට ලක්විය යුතු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අග්‍රාමාත්‍යවරයාට අමතරව, එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.
පූර්ව අනතුරු ඇඟවීම් නොතකා හරිමින්, ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වූවන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර තිබේ.
2019 පාස්කු ප්‍රහාරය හේතුවෙන් කතෝලික දේවස්ථාන කිහිපයකදී සහ සංචාරක හෝටල දෙකකදී පුද්ගලයින් 270 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න ජනපති සහ අගමැතිගේ දේවල්වලට කවදා චෝදනා දෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.
අප්පට සිරි කිව්වලු.. එතකොට මෙයාලද අනේ මේක කරවලා තියෙන්නේ? මම හිතුවේ සහරාන් ඇතුළු සෙට් එකට උදව් කරපු සෙට් එක ඇතුළට දායි කියලා... ‘‘අයියෝ සර්...‘‘
එතකොට බෝම්බය පිපිරී ගිය වහාම මමයි මී ලඟ ජනාධිපති කියලා කයිය ගහලා පත් වූ එක්කෙනා නිවැරැදි කාරයෙක් කියලා හිතනවද? අනේ මෙහෙම නාඩගම්.. රනිල් අමාරුවෙන් යන ගමන් ගෙනගිය ආණ්ඩුවට බෝම්බ ගහපු අය තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. ඒකට බොරු කරන්න මොන ජගතෙකුවත් නැහැ. බලමුකෝ මොකද වෙන්නේ කියලා..
සර් අපේ පොරක්නේ...
මොන චෝදනා ආවත් පතෝල මුදලාලියි, සූත්තර පුංචා නොහොත් ඇම්ඩන් නොහොත් තුන්ලෝකෙට උගතා හීන් නූලෙන් ලිස්සලා යයි. එ්ත් ඉතින් අපේ දක්ෂ නැට්ටුක්කාර ගායකයා ඇතුළු පිරිසට නම් කල්දේරම් බත කන්න වෙයි වගේ...
මේ අය වැරදිකරුවන් කියා උපකල්පනය කරන්නේ නම්, මේ කොමිසම් ගැන හෝ ඒවායේ නිර්දේශ ගැන නොසිතා ඔවුන්ව කෙලින්ම රටේ පිළිගත් අධිකරණය වෙත යොමු කිරීමයි කළයුතුව තිබුණේ සහ තිබෙන්නේ. රටේ යුක්තිය පසිඳලීම සඳහා පවතින පිළිගත් අධිකරණයට හා විනිසුරුතුමන්ලාට දේශපාලකයින්ගේ උවමනාවට පත්කරනු ලැබූ කොමිසම් මගින් නිර්දේශ ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවනුයේ, එම විනිසුරුතුමන්ලා නීතිය මැනවින් දත්, ස්වාධීන ස්වෛරී නිදහස් පුද්ගලයන් වීම නිසාය. එසේ එතුමන්ලාට හා ගරු අධිකරණයට කිසියම් කෙනෙකු ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම එතුමන්ලාගේ මතයට හා අදාළ නඩු කටයුත්තට අනිසි බලපෑමක් ඇතිකිරීම හෝ එසේම එතුමන්ලාට හා ගරු අධිකරණයට හිතාමතාම කරනා අපහාසයක් මෙන්ම හෑල්ලුවට ලක්කිරීමක් ලෙස කාට හෝ සිතියහැකියි නේද? එය සිතීමේ නිදහසට අනුව කළහැකි දෙයක් නේද?
"ඔන්න කනෝ පිනුම්" කීවලු. මේ නඩු නම් ඇහෙයි සුටුස් ගාලා.
වහාම කොමිසමක් පත්කර තව අවුරුදු 04ක් ඇදගෙන යන්න අපේ ආණ්ඩුවක් එනකම්. ශ්‍රී ලනිපය රජයෙන් වෙන් වෙන්න ඕනෑ...
නොසැලකිල්ලට අපරාධ චෝදනා කරන්න පුළුවන්ද?
නාට්‍ය පටන් ගත්තා.
කැකිල්ලේ තීන්දුවක්...
නිකම් බොරු චෝදනා, ඔය දෙන්නට මොකුත් වෙන්නේ නැහැ....
ලිපිනය සොයාගත නොහැක.. ලිපි එහාට මෙහාට ගිහින් එනකොට ඡන්දය ඇවිත් තියෙයි. එතකොට මොකද කරන්නේ?
අප මේ වරදට, වැරදිකරුවන්ට සුදුහුණු ගානවා නොවෙයි. අප මේ රටේ බොහෝ දේශපාලයන් ගැන දන්නවා. ඒත්, මේ රටේ පවතින නීතිය අනුව අධිකරණයකින් වැරදිකරුවෙකු වෙනතෙක්ම ඔහු නිවැරදි කරුවෙක්. රටේ පිළිගත් නීති හා අධිකරණ සම්ප්‍රදායෙන් බැහැරව, චෝදනා ඇතැයි නීති ක්ෂේත්‍රයේම අය පවසන අය යොදාගෙන මේ කරනා වැඩ කුමක් අරභයා කරන්නේ දැයි සිත්වල සැක සංකා ඇතිවේ. රටේ පිළිගත් ක්‍රමවේදයට හා සම්ප්‍රදායට පිටින් මේ කෙරෙනා වැඩ නිසා අපගේ සමස්ත නීති හා අධිකරණ පද්ධතියට හානියක් නොවන්නේද ? මෙවැනි ක්‍රියා මේ රටේ අධිකරණයට කෙරෙනා අපහාස නොවන්නේද ? රටේ අධිකරණයට කිසියම් පුද්ගලයෙක් ගැන දේශපාලකයන්ගේ අණ මත හිටපු විනිසුරුවෙකුට හෝ තවත් අයට මෙසේ බලපෑම් කළ හැකිද? කරුණාකර මොවුන් කළ වරදක් වේ නම්, මොවුන් රටේ පිළිගත් අධිකරණය වෙත යොමුකොට ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන්න. කළ යුත්තේ එයයි...
ඇයි ඉන්න එක්කෙනා කරපු සල්ලි හොරකම... , මිග් හොරකම, ඇවන්ඩ් ගාඩ් හොරකම වගේ ඒවට දඬුවම් නැද්ද?
දැන් ඉතින් වැල්වටාරම් ගහන්නේ නැතිව තමන්ගේ නිරවද්‍ය බව පෙන්නන්න.
"ඔන්න කනෝ පිනුම්" කීවලු. සමහරවිට මේ නඩු නම් අහලා දඬුවමුත් දෙයි "සුටුස්" ගාලා...