
(සුජිත් හේවාජුලිගේ)
විවිධ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හෝ වෙනත් අංශ විමර්ශන ආරම්භ කිරීමෙන් පසු බොරු ලෙඩ මවාපාමින් විදේශගතවීමට උත්සාහ දරන දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගැන තොරතුරු සොයා බැලීමක් කරන ලෙස රජය, බුද්ධි අංශවලට දැනුම්දී ඇත.
මේ අනුව බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක් එවැනි පිරිස් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි විමසිල්ලෙන් පසුවෙති.
මේ අතර චෝදනාවලට ලක් වූ ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා සත්‍ය ඒවාදැයි සොයා බැලීමටද විමර්ශන පැවැත්වීමට තීරණය කර ඇත.
යම් යම් විමර්ශන ආරම්භ වීමෙන් පසු විදේශගතවී නොපැමිණි දේශපාලඥයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද බුද්ධි අංශ මේ දිනවල කරුණු සොයා බලාගෙන යන බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔවුන් මෙරට නැවත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්ද රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර විවිධ පොදු සමා යටතේ නිදහස් කෙරුණු ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන්ද විමර්ශනයක් පැවැත්වෙයි. එම අය එසේ නිදහස් කිරීම නිත්‍යානුකූල ආකාරයකට සිදුවූයේ දැයි සොයා බැලීම එහි අරමුණ බව අධිකරණ අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd