IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හිටපු ජනාධිපති හිමිකම් ඉල්ලා පෙත්සම් තුනක්

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සහ ජනමත් විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ු ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් අද (20) ගොනු කළහ.

මෙම කරුණම පාදක කරගනිමින් මීට පෙර අවස්ථාවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාද පුරවැසියන් දෙදෙනෙකු වන වේයන්ගොඩ පදිංචි හරින්ද්‍රරත්න බානගල සහ පන්නිපිටියේ පදිංචි ප්‍රේමසිරිත් ප්‍රියන්ත විජේසේකර මහත්වරුන්ද ගොනු කළ පෙත්සම්වලට අමතරව මෙලෙස තවත් පෙත්සම් තුනක් ගොනු කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී දොන් එස්.එම්. විජේවික්‍රම යන මහත්වරුන්ය.

නීතිඥ අනුරාධ වෙරගොඩ මහතා මඟින් ඉදිරිපත් කර ඇති අදාළ පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම්කර ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනු කළ පෙත්සම්වල හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිව ඇති හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් ඇතැයිද සඳහන්වේ.

යෝජිත පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වන බවත් එහි් අන්තර්ගත වගන්ති කීපයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ස්වෛරී භාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ සමස්ථයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්ති වලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වන බවද සඳහන් කර ඇත.

යෝජිත පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම කඩවන බව සඳහන් කරන පෙත්සම්කරුවෝ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.



අදහස් (1)

හිටපු ජනාධිපති හිමිකම් ඉල්ලා පෙත්සම් තුනක්

Siri Wednesday, 20 August 2025 08:44 PM

සමහර " රම්බත් පිජාලට " අතාරින්න හිතෙන්නේම නෑ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site