
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය පාර්ලිමේන්තුවේ සිටි (9 වැනි පාර්ලිමේන්තුවේ) දූෂණ චෝදනා එල්ලවී ඇති මැති ඇමතිවරුන් 20 කට වැඩි පිරිසක් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවේන් ලබාගෙන ඇති දීමනා හා වරප්‍රසාද සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන කණ්ඩායම් කිහිපයක් පාර්ලිමේන්තුවට ගොස් මේ දිනවල විශේෂ විමර්ශනයක් පවත්වමින් සිටිති.
එම මැති ඇමතිවරුන් සන්තකයේ ඇති වත්කම් පිළිබඳව තහවුරු කරගැනීම මෙම විමර්ශනයේ අරමුණ බව ආරංචි මාර්ග සඳහන් කළේය.
අල්ලස් කොමිෂන් සභා විමර්ශන කණ්ඩායම් මේ තොරතුරු ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු සභා ලේඛන කාර්යාලයේ සහ මන්ත්‍රී සේවා කාර්යාංශයේද සහාය ලබාගෙන ඇත.
පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමේ පහසුව සැලකිල්ලට ගෙන මෙම කණ්ඩායම් එම තොරතුරු රැස්කිරීම කරන්නේ පාර්ලිමේන්තුවේ රැස්වීම් නොමැති
දිනවලදීය.
දහ නව වැනි පාර්ලිමේන්තුවේ සහ එම පාර්ලිමේන්තුවේ සිට වර්තමාන පාර්ලිමේන්තුවටද පැමිණ සිටින අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ලවී දැනට නීතිමය ක්‍රියාමාර්ග ගැනෙන මන්ත්‍රීවරුන් මෙන්ම ඉදිරියේදී විමර්ශන පැවැත්වීමට නියමිතව සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටි එම කාල සීමාවේදී ලබාගෙන ඇති සියලු දීමනා ඇතුළු වරප්‍රසාද පිළිබඳව මෙසේ තොරතුරු එක් රැස් කෙරෙන බවත් එම තොරතුරු ඉදිරි පරීක්ෂණ මෙන්ම අධිකරණමය කටයුතු සඳහා යොදාගැනීම කොමිසමේ අපේක්ෂාව බවත් සඳහන්වේ.
යමෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටියදී උපයාගෙන ඇති මුදල් සහ ඔහු සන්තකයේ දැනට ඇති මුදල් පිළිබඳ පරස්පරය සොයා ගැනීම මෙම පරීක්ෂණයේ මූලික අරමුණ බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් පාර්ලිමේන්තුව සතුව ඇති මන්ත්‍රීවරුන් සම්බන්ධ එම සියලු තොරතුරු අල්ලස් කොමිසමේ කණ්ඩායම් වලට නිල වශයෙන් ලබාදීමට කටයුතු කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ලොක්කෝ වෙලා. අර සාලිය පීරිස් මහතා කිව්වා වගේ තව ටික දවසකින් උසාවි ඇතුළටත් රිංගයි.
මම හිතන්නෙ 1994 ඉඳන් බැලුවා නම් හොඳයි. එතකොට දැනට ඉන්න පක්ෂ විපක්ෂ හැමෝගෙම තොරතුරු අරන් සාධාරණ පරීක්ෂණයක් කරන්න පුළුවන්.. මොකද බහුතරයේ සටන් පාඨය 225 ම හොරු.