
( දසුන් රාජපක්ෂ )
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු පක්ෂ නායකයින් තිදෙනකු ඇතුළු හිටපු අමාත්‍යවරුන් පස් දෙනකුට ලබන 21 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (12) සිතාසි නිකුත් කළේය.
මෙලෙස සිතාසි නිකුත් කෙරුණේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්ධන්, එම් ඒ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලි චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා , හා මලික් සමරවික්‍රම යන මහත්වරුන්ටය.
එමෙන්ම ජනාධිපති නිතීඥවරුන් වන ජයම්පති වික්‍රමරත්න සහ ජේ.සී වැලිඅමුණ යන මහත්වරුන් දෙදෙනාටද සිතාසි නිකුත් කෙරිණි.
ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලෙකම් නිහාල් ජයතිලක මහතා මෙම ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිසට එලෙස සිතාසි නිකුත් කෙරිණි.
ඉසුරුම්ලත් නිවාස වැඩසටහන යටතේ පිරිසකට සහනාධාර ලබා දීම සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පිරිසකට වන්දි හා පාරිතෝශික ලබා දීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්බාරයට පත් කර ඇතිතේ ඉහත වග උත්තරකරුවන් තමාගෙන් දේශපාලනිකව පළි ගැනීම පිණිස සඳහා බව මෙම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඒ අනුව සිතාසි නිකුත් කෙරුණු පිරිස මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් කළ ජනාධපිති කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා මෙම පැමිණිල්ල ලබන 21 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළකම් පලදීම..
සමහර එක්සත් ජාතික පාක්ෂිකයන් කියන්නේ රනිල් පළිගත්තේ එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් කියලා... 1994 එක්සත් ජාතික පක්ෂය පැරදුණාට පසු පාක්ෂිකයින් 30000කට වඩා දේශපාලන පළිගැනීම් වලට ලක්වුණු බවත් රනිල්ට පසු දෙවතාවක්ම බලයට පත්වුණත්, දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු තම පාක්ෂිකයින්ට කිසිදු සහනයක් ලබානොදුන් බවයි.