( රංජිත් රාජපක්ෂ)
තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ තමන්ට වැඩි කළ රු 700 මූලික වැටුපට රු140 ප්‍රසාද දීමනාව එකතු කරන ලෙස බල කරමින් හැටන් කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (03) විරෝධතාවයක් ආරම්භ කර ඇත.
හැටන් කොටගල ප්‍රදේශයේ වතු කිහිපයකම වතු කම්කරුවෝ හැටන් කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලය අසළ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් විරොධතාවයක නියැලුණහ.
අහිමි වුූරු 140 ප්‍රසාද දීමනාව යළි ලබා ගැනීම සදහා වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදි එම රු 140 ප්‍රසාද දීමනාව ලබාදීමට රජය කටයුතු කළ යුතු බව විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවෝ පවසති.
මේ අතර හැටන් මල්ලි අප්පුව ප්‍රදේශයේද හින්දු පූජකවරයෙක් ඇතුළු වතු කම්කරුවන් පිරිසක් තමන්ට රු 1000 ක මූලික වැටුප සහ තමන්ට අහිමි වූ රු 140 ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස බලකරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ නොනිමි අරගලයට ජය වේවා! නමුත් පාරේ ගමන් කරන පොදු ජනතාව පීඩනයට පත් නොකරාන මෙන් ඉල්ලමි.
සිංහලයා සානුකම්පිතයි. දෙමු... දෙමු... දීලා ඉල්ලන් කමු.