(සුජිත් හේවාජුලිගේ )
කිසිදු දුම්රියක් අද(17) දින ධාවනය නොකෙරෙන අතර කාර්යාල මගීන්ගේ පහසුව සඳහා අමතර ලංගම බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
දුම්රිය රියදුරු හා නියාමකවරුන්ගේ සංගම් දෙකක් අද දින පූර්ව දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට සුදානම් වන බවට කල්තියා තොරතුරු ලැබීම නිසා ජනතාව අපහසුතාවයට පත් වීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ජනතාව ඉතා දුෂ්කර තත්වයක සිටින මොහොතක පටු අරමුණු වෙනුවෙන් අසාධාරණ වැඩ වර්ජනවලට මේ අයුරින් සූදානම්වීම කණගාටුදායක යයිද අමුණුගම මහතා කීවේය.
ලංගම බස්රථ අද දින වැඩි වශයෙන් යොදවා ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගේ ප්‍රකාශවලටද සවන් දෙන්න.
වෘත්තීය අයිතිවාසිකම් ජාතික අයිතිවාසිකම් අභිබවා පවත්වාගෙන යා නොහැක. ජාතික අපදා මොහොතක වැඩ වර්ජණ කැදවන වෘත්තීය සමිති නායකයින්ට කරන්නේ ජනතාවට එරෙහිව අපරාධයකි.
වර්ජනය ගැන නම් දන්නේ නැහැ.කෝච්චියක් දෙකක් යනවා ඇහුණා.මොන අමතර බස්ද? ඔය තියෙන ලොරි චැසි බස් ටිකම තමයි දුවන්නේ. අමතරයි කියා දුවන්න බස් අල්මාරියේ දාලා අරන්තියාලා වගේ කතාව. පාර්ලිමේන්තුව ඇතුලේ දාපු සද්ද බද්ද වැඩ කිඩ එළියේ බැහැ වගේ පේන්නේ.කොහොම උනත්,අසාර්ථක දේශපාලකයන්ගෙන් පිරුණු රටක් බව නම්,පේනවා.කිසිම වැඩක් හරියට කරගන්න නැහැ.ජනතාවගේ කරුමය තමයි.