(මනෝප්රිය ගුණසේකර)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් නීතීඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රදවා ගෙන ප්‍රශ්න කිරීම තුළින් ඔහුගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් ඔහුගේ නීතීඥවරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි සදහන් කරමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ හිජාස් හිස්බුල්ලාහ් මහතාගේ නීතීඥ ගෞර සංගරී තවරාසා මහත්මිය විසිනි.
නීතීඥ ගෞර සංගරී තවරාසා මහත්මිය විසින් ඉදිරිපත් කළ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්යක්ෂවරයා, රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක මහතා, නීතීපතිවරයා ඇතුළු හයදෙනෙකු නම් කර ඇත.
පසුගිය 14 වැනිදා තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බවද ඒ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතූවක් සදහන් නොකළ බවද සදහන් කරන පෙත්සම්කාර නීතීඥ ගෞර සංගරී තවරාසා මහත්මිය කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධයෙන් යැයි සදහන් කළාය.
රහස් පොලිසියේ රදවාගෙන ප්‍රශ්න කරන තම සේවාදායකයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීමට ඔහුගේ නීතීඥවරන්ට සාධාරණ කාලයක් මෙතෙක් ලබා නොදුන් බව පෙන්වා දෙන පෙත්සම්කාරිය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කුමක් සදහන් කළත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධයෙන් නැතැයිද සදහන් කළාය.
තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන රදවා ගැනීම තුළින් ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින පෙත්සම්කාරිය රහස් පොලිස් බාරයේ පසුවන තම සේවාදායකයා සුදුසු අධකරණයකට ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටින්නීය.
රහස් පොලිස් බාරයේ රදවාගෙන සිටින සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා නිදහස් කිරීමට නියම කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඔහුගේ පියා සහ සහෝදරයා විසින් මීට පෙර අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරිච්ච, තුවාල වෙච්ච අසරණ මිනිසුන් දැන් අවුරුද්දක් තිස්සේ බලාගෙන ඉන්නවා ඔවූන්ගේ මුලික අතිවාසිකම් කඩ වෙලාද නැද්ද කියලා හොයලා බලනකල්.
ඡන්දය ලග නිසා ලංකාවෙ ප්‍රධාන රූපවාහිනී චැනල් 3ත් ජාතිවාදය අවුස්සන්න බරටම වැඩ. පුලුවන් නම් ඔවුන්ට විරුද්ධවත් නඩු දමදමන්න. සැබෑ වැරැදිකරුවන් අත්අඩංගුවට ගන්න.
හිජාස් හිස්බුල්ලා කියන්නේ අති දක්ෂ නීතිවේදියෙක්. මෙතුමා නිසා තමයි ගිය පාර බලෙන් ආණ්ඩුව ලබාගන්න හදපු අයට උසාවියේදී නීති තර්ක ගෙනල්ල ඒ කරපු විදිහ ව්‍යවස්ථා විරෝධී කියල පෙන්නලා දුන්නේ. දැන් ඒකට තමයි ඔය පාස්කු ප්‍රහාරය කියලා බොරුවට අත් අඩංගුවට අරන් තියෙන්නේ. හොරට අගමැතිකම ගන්න බැරි උනේ මෙතුමා නිසා . අනිත් එක නීතිවේදී සංගමය පවා මෙතුමාව අත් අඩංගුවට අරන් තිබීම පිලිබදව දැඩි අසතුට ප්‍රකාශ කර නිසි සාක්ෂි නොමැතිව..
අර 350 විතර දෙනාගේ අයිතිවාසිකම් රැකිල ඇති නේද? මේ තරම් ඔප්පු වෙලා තියෙද්දිත් නටන්න දෙන වැරැද්ද. මෙයාලට හිමි විය යුත්තේ එල්ලුම් ගහ. පරීක්ෂණත් ඇදගෙන යනවා වැඩියි.
හැබැයි නිකමට වත් මේ නඩුවෙන් හිස්බුල්ලා දිනුවොත් මිට පසු කිසිම පුද්ගලයෙක් සැකපිට අත් අඩංගුවට ගන්නට බෑ. මොකද මානව හිමිකම් තියෙන්නේ ඔහු වැන්නන්ට පමණක්ම නොවන නිසා. අනික පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල වුනු අයගේ මානව හිමිකම් කඩවීම් ගැන කවුද කතාකරන්නේ?. ඔවුන්ට එවැනි අයිතියක් නැද්ද..? මේවා නොතේරෙන්න එක්කෝ අපිට මොංගල් නැත්නම් නිතිය නොදන්නා කම.