(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ඉඹුල්පේ හාගල රක්ෂිතය තරණය කිරිම සදහා ගොස් එහි අතරමං වී සිටි තරුණයන් දෙදෙනකු සහ තරුණියන් දෙදෙනකු පෙරදින රාත්‍රීයේ සොයාගත් බව පොලිසිය පවසයි.
කැලණිය ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු සහ තරුණියක හා ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක අතරමංව සිටියදී සොයාගත් බව පොලිසිය කියයි .
වයස අවුරුදු 25 සහ28 අතර වයස්වල පසුවන හතර දෙනෙකු මෙලෙස සොයාගෙන තිබේ.
ඔවුන් ඉකුත් (27) දා දහවල් හාගල රක්ෂිතයේ සංචාරය කිරිම සදහා ඉඹුල්පේ ලදුයාය ප්‍රදේශයෙන් හාගල රක්ෂිතට නැග ඇත.
එහි අට්ටාලයක් ඉදිකර එදින එහි කාලය ගත කර ඇති අතර පෙරේදා (28) දා නැවත පිටව යැම සදහා හාගල රක්ෂිතයේ පස්සරමුල්ල දෙනගම දෙසට පැමිණ ඇති අතර පස්වරුවේ පැවැති අධික වර්ෂාවත් සමග පැවැති ඝණ මිහිදුමි තත්ත්වය හේතුවෙන් ඔවුන්ට මාර්ගය සොයා ගැනිමට නොහැකි විම හේතුවෙන් අතරමං වි ඇති පොලිසිය කියයි.
පොලිස් හදිසි ඇමැතුම් අංශයට කළ දැනුම් දිම මත බලන්ගොඩ පොලිසිය ඉඹුල්පේ ලදුයාය ප්‍රදේශයේ පදිංචි තරුණ තරුණියන් එක්ව විශාල පරිශ්‍රමයක් යොදා ඔවුන් බේරා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් අතරමං වෙච්චි අයටමනේ මේ...
ගෙවල්වලින් මේ වගේ ගමන් යන්න අනුමැතිය දෙනවද
පොඩි කැලයකට පලයල්ලකෝ..., මිනිස්සුන්ට වදදෙන්නේ නැතිව.