
( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ සහ රංජිත් රාජපක්ෂ )
දිට්වා සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් වසා දමා තිබු හග්ගල උද්භිද උද්‍යානය යළි දෙස් විදෙස් සංචාරකයන් සදහා ඊයේ (25) සිට විවෘත කිරිමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ හා උද්භිද උද්‍යානය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිසි වැඩපිළිවෙළ යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලව හක්ගල උද්භිද උද්‍යානය මෙසේ සංචාරකයන්ට විවෘත කිරිමට කටයුතු කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
හක්ගල උද්භිද උද්‍යානයේ අනතුරුදායක ලක්ෂණ මතු වූ ස්ථානයන් වන පිවිසුම් ගේට්ටුව අසල පොකුණ සහිත ප්‍රදේශයේ සහ එම ලක්ෂණ දක්නට ලැබුණු වනෝද්‍යානය දෙසට පිවිසීමට ඇති මාර්ග අනතුරුදායක බව පුවරු මගින් නරඹන්නන් හට පිවිසීම තාවකාලිකව වළක්වා ඇති බවත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව උදෙසා කාර්ය මණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කොට ඇතැයි පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හග්ගල යළි විවෘත කරයි