
( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ සහ රංජිත් රාජපක්ෂ )
දිට්වා සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් වසා දමා තිබු හග්ගල උද්භිද උද්‍යානය යළි දෙස් විදෙස් සංචාරකයන් සදහා ඊයේ (25) සිට විවෘත කිරිමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ හා උද්භිද උද්‍යානය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිසි වැඩපිළිවෙළ යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලව හක්ගල උද්භිද උද්‍යානය මෙසේ සංචාරකයන්ට විවෘත කිරිමට කටයුතු කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
හක්ගල උද්භිද උද්‍යානයේ අනතුරුදායක ලක්ෂණ මතු වූ ස්ථානයන් වන පිවිසුම් ගේට්ටුව අසල පොකුණ සහිත ප්‍රදේශයේ සහ එම ලක්ෂණ දක්නට ලැබුණු වනෝද්‍යානය දෙසට පිවිසීමට ඇති මාර්ග අනතුරුදායක බව පුවරු මගින් නරඹන්නන් හට පිවිසීම තාවකාලිකව වළක්වා ඇති බවත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව උදෙසා කාර්ය මණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කොට ඇතැයි පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd