(ජේ.ඒ. එල් ජයසිංහ)

මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහරෙ හතරවන කුඹල් පෙරහර අද වීථී සංචාරය කළේය.

පෙරහර සධාතුක කරඬුව පුලතිසිරාජා මංගල හස්තියා වැඩම කළ අතර දෑලේ සිංහ රාජා සහ මියන් රාජා හස්තීන් දෙදෙනා ගමන් කළහ,

පෙරහර ආරම්භ කිරීමට පෙර ,මහනුවර නගරයේ පරිසරය රැකෙන අයුරින් පරිසර හිතකාමීව කටයුතු කරන්නැයි පාසල් දරුවන් ,පෙරහර නරඹන්නන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්ද ආරම්භ කර තිබිණි.

මහනුවර මහ නගර සභාව මෙදින මානූෂීය මෙහෙවරක යෙදෙමින් ,මහනුවර මහ නගර සභාවේ ළමා නිවාසවල ⁣ ජීවත් වන දරුවන්ට ,පෙරහර දැක බලා ගැනීමට විශේෂ අවස්ථාවක්ද ලබා දීම විශේෂත්වයක් විය,

මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක ,නියෝජ්‍ය පුරපති කපිල කුමාර ගලපිට ,යන මහත්වරුන්ගේ උපදෙස් මත නාගරික මන්ත්‍රී අමිල වන්නියගම මහතා මෙම සමාජ සත්කාරක වැඩ සටහන සංවිධානය කර තිබිණි.