(දයාරත්න ඇඹෝගම)

සැමියා විසින් නිවසට එල්ල කරන ලද පෙට්ට්‍රල් බෝම්බයකින් නිවස ගිනි ගෙන එහි සිටි 40 හැවිරිදි බිරිද බරපතල පිළිස්සුම් තුවාල ලබා නිවස තුලම අද(13) මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ මැදගම ,පරසන්ගස්වැව පදිංචිව සිටි දමයන්ති ඒකනායක(40)නැමති කාන්තාවකි.

අඹු සැමියන් අතර කාලයක සිට හටගත් ආරාවුලක් හේතුවෙන් සැමියා විසින් අද(13)දින නිවසට පෙට්ට්‍රල් බෝම්බයක් එල්ල කර ඇති බව පොලිසිය පැවසීය.

එම පෙට්ට්‍රල් බෝම්බය හේතුවෙන් නිවස ගිනි ගෙන බිරිඳ පිළිස්සුම් තුවාල ලබා නිවස තුළම මිය ගොස් තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා මේවන විට ප්‍රදේශයෙන් අතුරැදන්ව ඇති අතර ඔහු අත්අංගුවට ගැනිම සදහා පොලිසිය විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.