
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික්ක වල ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ සහ අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ඉතා ඉක්මණින් මෙම නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම ජනාධිපතිවරයාගේ සහ රජයේ අපේක්ෂාව වන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි වෙන් කර තිබෙන බවයි.
නැවත පදිංචි කිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) වාර්තාව කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන අතර, පෙර නිවස පිහිටි ස්ථානයේම පදිංචි කළ හැකි ජනතාව නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සිදු කරන අතරතුරම, වෙනත් ස්ථානයක පදිංචි කළයුතු පිරිස් හඳුනා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් එක් එක් දිස්ත්‍රික්කවල මේ වන විට තත්ත්වය විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල නැවත පදිංචි කිරීමේ කටයුතුවලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) වාර්තා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රමාදයන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර අදාල ප්‍රදේශවල නිලධාරීන් ප්‍රමාණවත් නොවන්නේ නම් NBRO වාර්තා ලබා දීම අවසන් කළ දිස්ත්‍රික්කවල නිලධාරීන්ගේ සහාය ඒ සඳහා ලබා ගනිමින් එම කටයුතු මසක් තුළ අවසන් කිරීමටද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd