(අංජුල මහික වීරරත්න)
වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය පවසයි.
මහනුවර නගරයේ ආයතනයක් පවත්වාගෙන යමින් ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී තිබේ.
ඒ අනුව කාර්යාංශ විමර්ශන නිළධාරීන් විසින් අදාළ ආයතනය වැටලීම් කරන ලද අතර, එහිදී කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති ආයතනයක් බව හෙළිවිය.
මෙම වංචනික ආයතනය පවත්වාගෙන ගිය ගම්පොල හා තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාල ස්ථානයේ තිබී විදේශ රැකියා ගිවිසුම් 7ක්, විදේශ ගමන් බලපත්‍ර 5ක්, මුදල් කුවිතාන්සි පොත් ද නිලධාරීන් බාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු අමාරුවේ දාන ආයතනවල ඉන්න අයට උපරිම දැඩි දඩුවම් දෙන්න.
නීතිවිරෝධීව කරන ව්‍යාපාර ඉවත් කරන්න.
මමත් එකපාරක් ඔයවගේ තැනකට මගේ පාස්පෝට් එක අරන් කාලයක් තියාගත්තා. පස්සේ බොහොම අමාරුවෙන් තමයි පාස්පෝට් එක ගත්තේ.
මේවා මොන හිතකින්ද කරන්නේ...?