
(ජයන්ත සමරකෝන්)
සුළු වැරදි මත බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව දීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දඩ හා ඇප මුදල් ගෙවා ගත නොහැකිව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් පොදු සමාව ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ ලේඛන මේ වන විට සකස් කරගෙන යන බවත් බන්ධනාගාර මුලස්ථානය පවසයි.
මේ අතර අවුරුදු 65 ට වැඩි සුළු වැරදි කර සිරදඬුවම් විදින කාලය අඩු කිරිමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මිනීමැරුම් මංකොල්ල කෑම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර ඇතුළු බරපතල ඝනයේ අපරාධ සම්බන්ධ කිසිදු සිරකරුවකු මෙම පොදු සමාවට අයත් නොවන බවද බන්ධනාගාර මුලස්ථානය පෙන්වා දෙයි.
කොරෝනා වසංගත ත්ත්වය හා බන්ධනාගාරවල තදබදය වැළැක්වීම සඳහා ජනාධිපති පොදු සමාව ක්‍රියාත්මක කර බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී වැලිකඩ බන්ධනාගාරය පාර්ලිමේන්තුව වේවිද?
ඇත්තටම හොඳ වැඩක්... කොච්චර මිනිස්සු අසරණ වෙලා ඉන්නවද? සල්ලි ගෙවාගන්නවත් බැරිව...
එල්ලුම් ගස් ගිය සමහර අයත් සුළු වැරදි ගණයට අයිතිවෙයි වත්ද?
හොඳ අදහසක්., නමුත් එකවරම සමාජයට මුදා නොහැර පරිවාස කාලයකට යටත්ව ඔවුන් ජාතික ශ්‍රම බලකායට ඇතුළත් කර දඩමුදලට හරියන්න සේවාවක් ලබාගත යුතුයි. දැනට ඉන්දියානු, බංග්ලාදේශ සේවකයා වෙනුවට යොදාගත හොත්, ඔවුන් නැවත වරදේ පෙළඹීමෙන් මුවාගත හැකියි.
අපේ දුමියාව එළියට දාන්නේ නැද්ද?
සුළු වැරැද්දක් කරලා හිරේ ඉන්න දුම්න්ද සිල්වාත් ඔය ගමන්ම එළියට දානවද සර්?