IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සහල්-සීනී වැඩි මිලට විකුණුවොත් වැඩ වරදී

( තිලකරත්න දිසානායක)

සහල්  සහ සීනි පාලන මිලට වඩා වැඩියෙන් අලෙවි කරන ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළඳසල් වැටලීමට පියවර ගන්නා ලෙස ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා , පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකයට දැනුම්දී ඇත.

සහල් සහ සීනි මිල අධික ලෙස ඉහළ යාම මත රජය මගින් ගැසට් පත්‍රයක් මගින් එම ද්‍රව්‍ය සදහා පාලන මිලක් නියම කොට ඇති බැවින් එය බලාත්මක කරමින් වැඩි මිලට අලෙවි කරන්නේද යන්න සොයා බැලීම පිනිස මෙලෙස හෙට  (6) සිට වැටලීම් සිදු කරන ලෙසට විමර්ශන ඒකක ප්‍රධානීවරයාට දැනුම්දී තිබේ.

මේ අතර දැනට නියම කොට ඇති පාලන මිලට වඩා වැඩි මිලට සහල් සහ සීනි අලෙවි කිරීම් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙහි පාරිභෝගික ජනතාවට  033 - 222235 දරණ අංකයට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිලි කළ හැකි බව දිසාපතිවරයා පැවසීය. 

ගම්පහ දිස්ත්‍රික්කය තුල වැටලීම් සිදු කිරීම පිනිස පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ සහාය පිනිස දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දැනට පුහුණුව සඳහා අනුයුක්ත කොට සිටින උපාධිධාරීන් අතුරින් ඒ ඒ කොට්ඨාස සදහා පස් දෙනෙකු බැගින් මුදා හරින ලෙසට ප්‍රාදේශීය ලේකම්වරුන් 13 දෙනා හට දැනුම්දී ඇති බවද දිසාපති සුනිල් ජයලත් මහතා සදහන් කළේය. 

 

දිස්ත්‍රික්කයේ  වේයන්ගොඩ සහ වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයන්ද , මරදගහමුල සහල් වෙළඳසල් මෙන්ම සාමාන්‍ය වෙළඳසල්ද අද සිට පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය. 

 

 

 

 

 

 

 

 

 



අදහස් (1)

සහල්-සීනී වැඩි මිලට විකුණුවොත් වැඩ වරදී

Wm Chamila lakshman Wasala Tuesday, 07 September 2021 02:49 PM

හදිසි කෝල් එකක් ගන්න අපහට දුරකථන අංකයක් ලබා දෙන්න වී වැඩි මිලට අලෙවි කරන අය ගැන තොරතුරු ශනිකව ලබාදීමට හැකි ජංගම දුරකතන අංකයක් නම් වඩාත් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site