(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු වශයෙන් හැදින්වෙන සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදය සම්බන්ධ පන්තිවලට සහභාගි වූ පුද්ගලයෝ තිදෙනෙක් කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පිරිස අතර සහරාන්ගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 55, 52,හා 40 යන වයස් වල පසුවන බව ද ඒ මහතා කියයි.
2018වසරේ දී මෙම පිරිස අන්තවාදී දේශන සඳහා සහභාගි වී ඇති බව ද හෙතෙම කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව අල්ලන්න අවුරුදු 02ක් ගිහිල්ලා... තව ටිකක් පහුවෙලා අල්ලන්නයි තිබුනේ...
ඔහොම අල්ල අල්ල ඉන්න එක විතරයි නේද කරන්නේ?
ඔය බොරු සෝබන කිය කිය ඉන්න එපා හලෝ. අර සිංගප්පූරුවේදී වුණු සල්ලි ගනුදෙණුව ගැනත් බලලා කියන්න. එක එක බේරන්න ප්‍රකාශ කර කර ඉන්නේ නැතිව...