(ඉන්දිකා  රාමනායක)

පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන් සහ  ඒ හා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව    පාස්කු ප්‍රහාර මාලාවේ  ප්‍රධාන  සැකකරුවන  සහරාන්  හසීම් නැමැත්තාගේ බිරිඳ  වන  ෆාතිමා   හාදියා නැමැත්තියගෙන්  අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව ඊයේ  (15) පැය 5 ට අධික කාලයක් පුරා  ප්‍රශ්නර  කර  ප්‍රකාශයක්  ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අධිකරණයෙන් ලබා ගත් අවසරයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ   සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා ප්‍රමුඛ  කණඩායමක්   පෙරේදා  වැලිකඩ  බන්ධනාගාර වෙත ගොස් සැකකාරියගෙන්  මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව  එම ආරංචි මාර්ග කියයි.

නිලධාරීන් පෙරවරු 10.00 ට පමණ බන්ධනාගාරය වෙත ගොස් පස්වරු 4.00 දක්වා මෙම ප්‍රකාශය ලබාගෙන  තිබිණි.