(අජන්ත රත්නායක)
පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ ජංගම දුරකථනයේ මව් පුවරුව විදෙස් රටක ඔත්තු සේවාවකට රැගෙන යාමට අණ දුන් පුද්ගලයින් කවුදැයි හෙළිකර ගතහොත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කර ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අද කතා කරන්නේ දේශපාලන වශයෙන් පහර දිය හැකි අය සම්බන්ධයෙන් පමණක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බුද්ධි අංශ නිලධාරීන් අල්ලගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක බව ද සඳහන් කළේය.
සහරාන්ගේ දුරකථනයේ මදර් බෝඩ් එක ගත්තේ කවුද යන්න ගැන කිසිවෙක් කතා නොකරන බව කී ජයසේකර මහතා පොලිසිය විරුද්ධ වෙද්දීත් එය වෙනත් රටකට රැගෙන යන්නට උසාවි නියෝගයක් ලබාදී තිබෙන බව ද කීවේය.
ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් දුරකතනය කොහේ හෝ රටක ඔත්තු සේවාවක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සහ එයට අණදුන් දේශපාලනඥයින් සොයා බැලුවහොත් එයට සම්බන්ධ අය සෙවිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් කුරුණෑගලදී පෙරේදා (28) පැවැති ලේ දන්දීමේ කඳවුරක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
කාබනික පොහොර හා ආනයනය කිරීම හරහා ශ්‍රී ලංකාව භයානක අඩියකට තල්ලු වෙමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
සමඟි ජන බලවේගය නියෝජනය කරන කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්ක ගමනක් යන්න සූදානම් වෙන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත්, ඔහුට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ එක්විය හැකි බවත් හෙතෙම පැවසීය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ ඉදිරියට යාමට පක්ෂය සූදානම් බවත් පක්ෂයේ කවුරුත් බණ්ඩාරණායක නම විකුණා නැති බවත් ජයසේකර මහතා කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර ඔනෑ නැහැ.. පාස්කු ප්‍රහාරයෙන් වඩාත් වාසි ලැබුවේ කවුද කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා. ඒ වාසි ලබපු අය තමයි මේකේ මහ මොලකරුවෝ...
මේ උන්න්නැහේ! මිනිස්සු නොමග යවන්න එපා. මොකද ජනාධිපති කොමිසමේ වාර්තාව හන්ගගෙන ඉන්නේ? ඒක එළියට දැම්මා නම් ඔයාලගේ නායකයින් ඔක්කෝම අහුවෙනවා නේද...?
මැරුණු ගහක් අරගෙන පල කරාට ඒක වැඩෙන්නෙත් නැහැ ඵලදාව ගන්නත් බෑ
කියවනවානම් වැනෙන්නේ නැතුව නම් ගම එක්ක කියන්න .චන්දෙ දවස්වල එක්කෙනෙක් කීවා 2011 ලෝක කුසලානේ පාවලා දුන්නා .සාක්ෂි තියනවා කියලා .දැන් කිසිම සද්දයක් නෑ
වැදගත් හෙලිදරව්වකි . වහාම සොයා බලන්න .
තමන් දන්න දේ හරි තැනට සාක්ෂි එක්ක දැනුම් දෙන්නේ නැතුව මේ අය ඔක්කොම වීදුරු කාමර ඇතුලේ ඉඳන් මහජනයා නොමඟ යවමින් කෙබර බාමින් ගල් ගැහුවට බිඳෙන්නේ කැඩෙන්නේ ඔවුන්ගේ වීදුරු ගෙවල් මිස මහජනයාගේ නොවේ
මේව ගැන දන්න අය නැහැ
එහෙනම් අනිවාර්යයෙන්ම යහපාලන ආණ්ඩුවෙන් වෙන්නැති.. බයියන් පිනවන කතා නිකන් පච කෙළිනවා...