(විනීතා එම් ගමගේ)
සිංහරාජ වනාන්තරයේ මාදුගැටේ ප‍්‍රදේශයේ වැවක් තැනීමට වාරි ඉංජිනේරුවන් කළ යෝජනාව පිළිබඳව අදහස් විමසා යුනෙස්කෝ සංවිධානයේ ප‍්‍රධාන කාර්යාලයට ලිපියක් යැවූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ජාතික කාර්යාලයේ මහ ලේකම් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා පවසයි.
එහි වැවක් තැනීමෙන් වනාන්තර අක්කර පහක් යටකෙරෙන බවත් එවැන්නකට කිසිසේත්ම යුනෙස්කෝවෙන් අවසර නොලැබෙන බව දන්නා නමුත් එකී යෝජනාව ප‍්‍රධාන කාර්යාලයට යැවූ බව ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් සිංහරාජ වනාන්තරය තුළ මේ වනවිට යුනෙස්කෝවේ අවධානය යොමුවිය යුතු කිසිදු පාරිසරික හානියක් සිදුව නැතැයි කී ආචාරි්ය මීගස්වත්ත මහතා ඒ පිළිබඳ තමන්ට සහතික විය හැකි යැයි ද කීය.
ශ්‍රී ලංකාවේ ලෝක උරුම ලෙස නම් කරන ලද ස්ථාන අටෙන් ස්වභාවික දෙක වන්නේ මධ්‍ය කඳුවැටිය හා සිංහරාජ වනාන්තරය බවත් ඒවා පිළිබඳව ඕනෑම අවස්ථාවක සැබෑ තත්ත්වය හෙළි කිරීමට තමන්ට හැකි බවත් කී ආචාර්ය මීගස්වත්තේ, දැනට යම් යම් මාධ්‍ය්‍යන්හි පැවැසෙන අන්දමේ හානියක් සිංහරාජ වනාන්තරයේ කිසිදු ලෙසකින් සිදු නොවන බවත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින්, යුනෙස්කෝවේ අවසරය ඊට අදාල නොවන බවයි මගේ අදහස. වනාන්තර හරහා ගලන ජලය රැස්කර, මේ වැව සිංහරාජ වනාන්තරයෙන් පිටතින් සෑදිය හැකිද යන්න සලකා බැලිය යුතු දෙයකි.
අයියෝ මෙහෙමත් මිනිස්සු. ඔය වගේ නිලදරන අය දන්නේ නැද්ද වැසි වනාන්තරවල වැව් හදන්නේ නැති බව. සොබාදහමයි අපිව රකින්නේ... අපිට තියෙන්නේ එයාට වද නොදී ඉන්න.
සිංහරාජ වනාන්තරය ඇතුලේ වැව් හදන්න මේ මිනිස්සුන්ට පිස්සුද? මේ අය ඇත්තටම ඉන්ජිනේරුවෝද? කොහෙන්ද ඔය ඉන්ජිනේරු උපාධිය ගත්තේ? මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. යුනෙස්කෝ ආයතනයේ නිලධාරීන් තීරණය කරාවි මේ ළදරු ඉංජිනේරු කාරයින්ගේ මොළ ගෙඩි වල තරම? මට නම් හිතෙන්නේ, සිංහල ජාතියේ ජානමය අවුල අධ්‍යාපනයෙන් පමණක් නම් විසඳන්න පුළුවන් එකක් නෙවෙයි.
යුනෙස්කෝවේ අවදානයත් ඉතාමත්ම අවශ්‍යයි.
මේක අපේ රට... අපේ ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමට ඊනියා විදේශ රටවලට ඉඩ නොදිය යුතුයි. සිංහරාජය ගැන තීරණ ගැනීමේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය හා චීනය සතු විය යුතුයි.
යුනෙස්කෝ, ලෝක බැංකු යනු ලෝක වෙළඳ හාම්පුතුන්ගේ මුදලෙන් යැපෙන, අපට විනකරන කසළ ශෝධක ආයතන...
මෙච්චර වන විනාශ වෙද්දී රකින්න ඉන්න මිනිහත් කියනවා සිංහරාජෙට කිසිම දෙයක් වෙලා නෑ කියලා. එතකොට අපි මේ දකින්නේ ඉන්දියාවේ වෙන දේවල්ද? මේ වන විනාශය පිළිබඳව පැරීසියේ යුනෙස්කෝවට පෙත්සමක් යවලා, පිටරට අය ගෙනැවිත් පරීක්ෂනයක් කරලා ඇත්ත නැත්ත පැහැදිලි කරගත යුතුයි.
මට පෙනෙන්නේ කාලෙන් කාලෙට රටේ ප්‍රශ්න අමතක කරවන්න මේ වගේ ගොන් පාට් එකක් පෙන්නන්න වගේ... වැඩේ පත්තු වුණාම වාරි ඉංජිනේරුවන්ගේ අනේ එල්ලන්න හදන බව අපට පෙනෙනවා.
චිරං ජයතු කියන්නේ තවත් කාලයක් ඉන්නවා කියන එකද? ඩෙංගු තියෙනවා. කොවිඩ් තියෙනවා. කෝ මේ එකකින් වත් නැහැනේ රටට වැඩක් වන දෙයක් වෙන්නේ..
ජාතික උරුමයක් වෙලා තිබුණේ නැතිනම් නන්දසේන මේකත් මෙලහකට කාන්තාරයක් කරලා ඉවරයි. දැන් මේ වැව් හදන අමාරුව හැදිලා තියෙන්නෙත් ලොකු අයියා චමල්ට. රාජපක්ෂලා රට නැතිම කරලා තමයි නවතින්නේ.