(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවිරරත්න)
සිංහරාජ කැලෑව මුදුණේ වැව් සාදන බවට පළවන වාර්තා අසත්‍ය බවත් එම කැලෑව මුදුනේ වැව් සැදීමේ කිසිදු සැලැස්මක් නැති බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දි අද (23) පැවැසීය.
නිල්වලා හා ගිංගගේ ගංවතුර ගැලීම් නිසා විශාල හානියක් සිදුවෙනවා. කළු ගඟේ, ගිංගඟේ හා නිල්වලා ගඟේ වතුර ඊසාන දිගට යෑමේ සැලැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වසර 90ක සිට තියෙනවා. කිසිම ආණ්ඩුවක් මේවා කළේ නැහැ.
ජල පිපාසයෙන් පීඩාවට පත් විශාල ජන කොටසක් ඉන්නවා.ඉතින් ඒ නිසා මේක කවද හරි කෙරෙන්න ඕනෑ. ගිංඟගේ පහළ ජනතාව පදිංචිව සිටින කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් හැදීමට සැලසුමක් තිබෙනවා. ඒක සැලැස්මක් විතරයි. අපි ඒ සැලැස්ම යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළා. ඒ කටයුත්තෙන් යම් කිසි හානියක් සිදුවෙනවා ද බලන්න,අධ්‍යයනය කරල තීරණයක් දෙන්න. එහෙම නැති වුණොත් ගංවතුර වැළැක්වීමත් ජල පිපාසාවෙන් සිටින ජනතාවගේ ප්‍රශ්නයටත් විසඳුමක් නැති වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට කියන්න හදනවද? නැද්ද?
කතා කරනකොට කල්පනා කරලා කතා කරන්න. තාම අධ්‍යයන මට්ටමේ තියනවා නම් දැන්ම කෑ ගහන්නේ මොකටද? ඡන්දෙ ගන්න නිකම් බොරු කියනවා. එතකොට වෙන්නේ කැලෑ කපනවා කියලා තියන ඡන්දෙත් නැති වෙන එක...
ඔය පොඩි ජලාශයට ගස් කොච්චර විතර කැපෙනවද සර්...?
සිංහරාජේ ඇතුලේ වැව් දෙකක් හැදුවා කියලා ඔබතුමාගේ කටින්ම කියනවා අපිට නිවුස්වල ඇහුනනේ. අක්කරගානක් එළි වුනා නේද ?
ඔව් ඒක හරි... මුහුදේ මැණික් නෑනේ... මැණික් තියෙන්නේ පහතනේ.. නේද? ඔබ හරි...
එතකොට අර පල්ලෙහා තියෙන ප්‍රවෘත්තිය වැරැදිද? දැන් මොකක්ද මේ කියන බයිලාව...? මේ වගෙ දෙබිඩි ඇමතියන්ගෙන් හරි හමන් ප්‍රශ්නයක් අහන්න පුලුවන් කෙනෙක් නැති එක නම් දුකයි. එ්කයි මේ වගේ අප්පලා උඩ පනින්නේ..
එක ඇමති කෙනෙක් කියනවා "අපේ ගම්වල අයට ජලය දෙන්න කැලේ ඇතුලේ වැව් හදනවා" කියලා. අනිත් ඇමති කියනවා "කැලේ තියෙන ගස් කපලා වැව් හැදුවොත් වතුර ඉවර වෙනවා" කියලා. තව එක්කෙනෙක් කියනවා "මේ සේරම අපට විරුද්ධව සංවිධානාත්මකව ගෙනයන බොරු ප්‍රචාර. ඇමසෝනියාවේ පින්තූර පෙන්නනවා සිංහරාජේ කියලා. අපි කොහේවත් එක ගහක්වත් කපන්න ඉඩ දෙන්නේ නෑ. මම දන්නවා මේ බොරු ප්‍රචාර ගෙනයන කට්ටියට කරන්න ඕන දේ. ඒවාට අවශ්‍ය සියලුම ටූල්ස් මගේ ළඟ තියෙනවා" කියලා. කාටද අප්පා මේවා කියන්නේ?
2015 ඡන්දෙදී කෝටි ගාණක් ගිං ගඟ වෙනුවෙන් මුදල් වෙන් කළේ අමතකද?
දැන් ඔය යුනෙස්කෝව අපි විශ්වාස කරනවා කියලා හිතුවද? අනික යුනෙස්කෝවෙන් උපදෙස් ගන්න..!!! තමා දැනුම් හිඟන්නෙක් වුනාට, රටේම මිනිස්සු දැනුම් හිඟන්නන් කියලා හිතුවාද?
රාජපක්ෂ පවුලට තිබ්බේ රෙස්පෙක්ට් එක.. අවුරුද්දෙන්ම ඉවරයි.
ටූල්ස් පාවිච්ච් කරන්න.
අනේ මන්දා... එක එක වෙලාවට එක එක කතා. පැන්ෂන් ගිය රාළහාමි මොනවද හරියටම දන්නේ..?
මම මේ නිකමට වගේ අහන්නේ, තවම පිදුරුතලාගල කන්ද මුදුනේ වැවක් හදන්න අදහසක් පහල වුණේ නැද්ද?
බංග්ලාදේශයෙන් අහලා උපදෙස් ගන්න.
මම තවමත් සිංහරාජ වනාන්තරයේ මුදුන සොයමින් සිටිමි.
තුන්වෙනි බලවේගයකට රට බාරදීමට කාලය ඇවිල්ලා තියෙන්නේ....
මේ වගේ දෙපිටකාට්ටුවන්ට ධාතු කරඬුව වගේ දොහොත් මුදුන් දීලා වඳින බත්බැලයින් තොගයක් ඉන්නේ මේ රටේ. මේ අය පුළුවන් නම් දළදා මාලිගාවත් ගෙස්ට් හවුස් එකක් කරයි.