(ඩයනා උදයංගනී)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිඳු ජලය ලබාදීම සඳහා සිංහරාජ රක්‍ෂිතය තුළ වැව් දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
මේ එක් වැවක් අක්කර පහක් පමණ වන බවත්, එයට කැලෑව යට වන නිසා ඒ වෙනුවට තව අක්කර 50ක් 100ක් පමණ වගා කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල ආදී ප්‍රදේශවලට පානීය ජලය දීම සඳහාගිං ගඟේ සහ නිල්වලා ගඟේ වතුර ගිරුවාපත්තුවට ගෙනඒමට මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ වාරි ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් පසුගිය රජය පැවති වසර පහක කාලයේදී එය ක්‍රියාත්මක නොවූ බව ද ඇමතිවරයා කීවේය.
ඒ කාර්යය භාරදුන් චීන සමාගමක සකස් කර ඇති සැලැස්ම අනුව සිංහරාජ වනාන්තරය තුල වැව් දෙකක් නිර්මාණය කිරීමට ඇතැයි කී ඇමතිවරයා ඒ සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඒක මරු අදහස නේද? ගස් ටික කපලා අයින් කරලා වැව් දෙකක්ම හදනවා. මාරම ආඩම්බරයක් හිතට දැනෙනවා. සක්කරයටවත් නොහිතෙන දේවල් තමයි අපේ පාලකයින්ගේ ටිකිරි මොළවලට ගලාගෙන එන මේ සංකල්ප නම්..අනාගතයේදී මුහුදු වතුරෙන් වැව් ටික පිරෙව්වා නම් ජල ප්‍රශ්නෙනුත් අපි ජයග්‍රහණය කළා කියලා ලෝකයෙන්ම නම්බර් වන් ජාතිය ලෙස ඉතිහාස ගත වෙන්න තිබුනා.
රජවරු වැව් තැනුවේ වතුර හිඟ වියළි කලාපවලයි.මෙය කරන්නේ ඒකේ අනිත් පැත්ත. වැව් අමුණු වලට වතුර රැගෙන යන පෝෂක ප්‍රදේශයේ වැව් හදන බූරුවන් ඉන්නේ ලංකා දූපතේ විතරයි.
හම්බන්තොටට වතුර දීලා සිය දිවි නසාගන්නද හදන්නේ...?
මේ ඇත්තටම කරන්න යන දෙයක්ද නැතුව නිකන් විහිළු කරනවද මොලේ කළදක් තියෙන එකෙක් ලෝක උරුමයක් වනසලා වැව් හදන්න යනවද?
ඇති යාන්තම් සිංහරාජයත් කෑවා..!!!
ඒ වැව් ගාවට යන්න පාරවලුත් හදලා. හෝටල් දෙකකුත් හැදුවා නම් පළාතේ මිනිස්සුන්ට රැකියාවලුත් ලැබෙනවානේ...
වැව් දෙක අසල හදන හෝටල්වලට හා හෝටල් වෙත යන පාරට කැපෙන කැලය වෙනුවට තව අක්කර සීයක කැලයක් ඇතිකරනවා. කැලයක් වැවීමට දශක ගණනාවක් යන නිසා රෙඩි මේඩ් කැලයක් චීනයෙන් ආනයනය කර තැන්පත් කරනවා..
කියන්න වදන් නෑ. කපාගෙන කපාගෙන ගිහින් සිංහරාජෙ ඇතුළටම ගිහිං... දැන් කරලා බලන්නකෝ..
වියළි කලාපයට ජලය දීමේ අවශ්‍යතාව තේරෙනවා. සිංහරාජයේ වැව් තැනීමත් සැළකිය යුතු දෙයක්. ඊට පරිසර වාර්තා ගත්තද? ගංගා හරස් කර එය කළ නොහැකිද? සිංහරාජයේ වැව් තැනීම මගින් ගංගාවල පහල ප්‍රදේශවලට ඇතිවන බලපෑම මොකක්ද?
පුටුව කඩලා අටුව හදන අය තමයි ලංකාවේ ගොඩක් ඉන්නේ.
මෙයාට කවුද ලෝක උරුමයක් වන සිංහරාජයේ වැව් හදන්න අවසර දුන්නේ...? දැනටම පරිසරයට මහා විනාශයක් කරලා ඉවරයි. මේ අයව පාර්ලිමේන්තු යවපු අයටයි ගහන්න ඕනෑ.
ඇත්තටම මේ මනුස්සයාට මොලයක් නැහැ කියලා අපි දන්නවා. නමුත් මේ රටේ නීතියක්, ප්‍රතිපත්තියක්, ඇත්තේම නැහැ කියන එක මෙච්චරම දරුණුද? 68 ලක්ෂයක් වූ පිරිසගෙන් අහන්නේ... අනාගත පරපුරේ ඉන්න ඔහෙලගේ දරුවන්ගේ ශාපවලට වගකියන්න සූදානම් වෙලා ඉන්න.
මේවා සෑදීමට පෙර පරිසර වේදීන්ගෙන් උපදෙස් ලබාගත යුතුය. කොහෙන් ගියත් හිත රිදෙන්න වනාන්තර කැපීමක් නම් සිදුවේ..
අනේ මෙහෙම රටක්.. ජල පෝෂක ප්‍රෙද්ශයේ කවුද වැව් හදන්නේ..?
ජනාධිපතිව නැති කරන්නේ මේ අය තමයි.
අපි මෙතරම් අවාසනාවන්තයිද?
හදන වැවක් සිංහරාජෙන් පිට හදලා, සිංහරාජයෙන් එන වතුර රැස්කර ගන්න. එහෙම නැතිනම් සිංහරාජයට හානිවෙනවා ස්ථිරවම. පොළොන්නරුවේ වැව් තිබුණාට, දැන් ඒවට වතුර එන්නේ මහවැලියෙන්...
මේවාට ස්වභාව ධර්මයෙන්ම පඩිසන් දේවි...!!!
මෙයාට තියෙන්නේ මොලයක් නෙවෙයි අලයක්...