
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රාදේශයෙ පාසල් සිසුවකු වේලාසිය ගැමුණු වැවේ දිය නෑමට ගොස් දියෙ ගිලි මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයෙ පදිංචි පුත්තලම ආනන්ද ජාතික පාසලේ සිසුවකු හා පාසලේ 13 පහල ක්‍රීකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ඉදුවර සුදම්මික නැමති සිසුවෙකි.
මෙම සිසුවා මදුරන්කුලිය ප්‍රදේශයෙ ඥාති නිවසකට ගොස් වේලාසිය ගැමුණු වැවට දිය නෑමට ගොස් වැවේ පඩිපෙල දිගේ ජලයට බැස යමින් සිටියදි ලිස්සා ගොස් ගැඹුරට ඇදි ගිය බව කියයි.
දරුවා දියේ ගිලි ජලයෙ ගැඹුරට ඇදි යනු දුටු ඔහුගේ නැන්දනිය ජලයට පැන දරුවා බේරා ගැනිමට කටයුතු කර ඇතත් ඇය ද පිහිනිමට නොදන්නා නිසා ගිලි ඇති බව කියයි.
නැන්දනිය හා දරුවා ජලයෙ ගිලි යන අවස්ථාවේ එම ස්ථානයෙ සිටි පිරිස් කෑ ගසා ඇති අතර ඒ ආසන්නයෙ සිටි පිරිස් කඩිනමින් දිව විත් දරුවා හා නැන්දනිය බේරා ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත.
නමුත් දරුවා බේරා ගැනිමට නොහැකි වි තිබු අතර නැන්දනිය දැඩි අසාධ්‍ය තත්වයෙන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd