(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පාර්ලිමේන්තුවේ ආසනයද වෙනස් කර ඇත.
ඔහු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ ඔහුට පාර්ලිමේන්තුවේ වෙන්වී තිබුණේ ආණ්ඩු පක්ෂයේ 31 වැනි ආසනයයි.
ප්‍රේමජයන්ත මහතා මේවෙනවිට මන්ත්‍රීවරයකු පමණක් හෙයින් ඔහුට ආණ්ඩු පක්ෂයේ 71 වැනි ආසනය වෙන්කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ අනුව ඔහු ආසන 40කින් පිටුපසට ගොස් ඇත.
ප්‍රේමජයන්ත මහතා ආණ්ඩු පක්ෂයේ 71වැනි ආසනයේ ඊයේ(18) අසුන් ගෙන සිටිනු දැකගත හැකි විය.
ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉවත් කරනු ලැබීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සුසිල් පස්සට විසි වෙයි
gunarathna Wednesday, 19 January 2022 06:12 AM
ලැජ්ජාවක් තියනවානම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න ඕනේ.යන්න බැහැනේ බල පෙරේත කම නිසා