(රංජන් කස්තුරි)
කොළඹ විශ්ව විද්‍යාලයට අයත් රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය සතුව තිබූ මොරගස්මුල්ල කාන්තා ශිෂ්‍ය නේවාසිකාගාරය හදිසි කොවිඩි - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර දේශපාලනාඥයන් පිරිසක් එය නැවත විවෘත කර ඇතැයි දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව චෝදනා කරයි.
ජාතික ව්‍යසනයකදී එයට මුහුණදීමට විධිමත් සලැස්මක් තිබිය යුතු අතර යම් දේපළක් පවරා ගන්නේ නම් ඒ පිළිබඳව අදාල පාර්ශව සමග සාකච්ඡා කළ යුතු බව ද පවසන දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව මොරගස්මුල්ල නේවාසිකකාරය විවෘත කිරීමේදී එවැන්නක් සිදුව නැතැයි ද සඳහන් කරයි.
දේශීය වෛද්‍ය සිසුන්ගේ පොත්පත් ඇඳුම් පැළඳුම් පවා නේවාසිකාගාරය තුළ තිබියදී මෙම ගොඩනැගිල්ල කොවිඩ් මධ්‍යස්ථානයක් කිරීම නිසා ශිෂ්‍යාවන්ට තමන්ගේ පොත්පත් හා නිල ඇඳම් ආදිය රැගෙනයාමට නොහැකි තත්ත්වයක් හටගෙන ඇතැයි ද දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ සභාපති පසිඳු එම් දසනායක මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ ආයතනයක වෙනසක් කරන්න එකට යන එන අයට දැනුම්දීලා අවසර ගන්නේ මොනරටේද?
චන්දීම, ඕක මෝඩ අදහසක්. ඊට ඉස්සෙල්ල පාවිච්චි කරමින් සිටි අයට දැන්විය යුතුයි. ඔබට අයිති ගෙයක් කුලියට දුන්නම පදිංචි අය නැති අතරේ දොරවල් ඇරලා ඒක තවත් කාට හරි කුලියට දෙන්න පුලුවන්ද?
චන්දිම පෙන්වන්නේ මේ රටේ උපන් අයගේ සිත් වැඩ කරන විදිහ වෙන්ටැ
ව්‍යසනයකදී එයට මුහුණදීමට විධිමත් සලැස්මක් තිබිය යුතුලු. අපි ගෙවල් වල ගිනිනිවන උපකරණ සවිකරගෙන ඉන්නවද? වාහනයේ හුළං පොම්පයක් තිබෙනවාද? බණ කතා කරනවා