
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
කුරුණෑගල නගරයේ අපොස සාමාන්‍ය පෙළ උපකාරක පංතියකට සහභාගී වූ සිසුන් දෙදෙනකුට තවත් තරුණයන් පිරිසක් පැමිණ පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
මෙසේ පහරකෑමට ලක්වූ සිසුන් දෙදෙනා මේ වනවිට තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලු කර තිබේ.
මෙම සිසුන් දෙදෙනාට ඊයේ (28) දහවල් 11.30 ට පමණ මෙසේ පහරදී ඇත්තේ කුරුණෑගල නුවර පාරේ පිහිටි උපකාරක පංතියක් අසලදීය.
පංතියේ විවේකයක් ලබාදුන් අවස්ථාවේ දී පිටතට පැමිණි විට පහරදීමට ලක්වූ බව එම සිසුහු කියති.
ඔවුන් දෙදෙනා කියා සිටින්නේ පහරදීමට හේතුව විමසීමේදී හේතු නොදන්වා දිගින් දිගටම පහරදුන් බවයි.
පහරකෑ සිසුන් දෙදෙනාගේ මාපියන් කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔවුහු වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
පහරදීමට පැමිණි තරුණයන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිසුන් බිය වද්දා බලහත්කාරයෙන් මුදල් එකතුකිරීම වැනි කටයුතු වල යෙදෙන කණ්ඩායම් සිටින බවට බවට නිතර පැමිණිලි ලැබෙන බවද පොලිසිය පැවසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොන්ස්ටන්ගේ කට්ටිය කියලා කියන්නේ...!
කිසිම පාලනයක් නොකර නොදියුණු රටවල උදේ හවස පෙන්වන බාල චිත්‍රපට ප්‍රායෝගිකව කිරීම වැරැදිද? දියුණු රටවල පෙන්වන්නේ නැත්තේ ඇයි කියා දැන්වත් තේරුණොත් හොඳයි.
රටේ නීතිය වලපල්ලට යමින් පවතියි.
ඉහත අදහස් වලට අකැමැත්ත පලකරලා තියෙන අයගෙන් පෙනෙන්නේ මේ නිහීන ක්‍රියාව අනුමත කරන පාදඩයින් පාඨක සමාජයේ ඉන්න බවද? එක රටක්, එක නිතියක් කිව්වේ... පාදඩ නීතිය වෙන්න ඇති. අනිත් එක.. කුරුණෑගලනේ ඉතින්. රටම පාවලා දෙන්න මුල්වෙච්චි පළාතනේ. මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න...