(රංජන් කස්තුරි)
ආරම්භක පියවරක් ලෙස ළමයින් 100ට අඩු පාසල් මේ මාසයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඒ අනුව පාසල් 2962ක් මේ මසය තුළ ආරම්භ කරන බව ද ඇමැතිවරයා කියයි.
පාසල් විවෘත කිරීමට පෙර ගුරුවරුන්ට එන්නත් ලබාදී අවසන් කරන බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ආරම්භවූ වහාම වාර විභාගයක් පවත්වා දරුවන්ගේ දැනුම තක්සේරු කරගන්න. එම දත්ත කොට්ඨාශ අධ්‍යාපන, කලාප අධ්‍යාපන, පළාත් අධ්‍යාපන හා අධ්‍යාපන අමාත්‍යංශය මට්ටමෙන් විශ්ලේෂණය කර ක්‍රමවත් අධ්‍යාපන සැලසුමක් ස්ථාපනය කරන්න.
කියන්න නම් හොඳ නෑ වගේ. ඒත් අධ්‍යාපන ඇමති දැක්කම ඉගෙනගන්න එකත් එපා වෙනවා.
ඉස්සර නම් දේශපාලකයො සහ නිලධාරීන් උත්සාහ කලේ සිසුන් 100 ට අඩු පාසල් වහල දමන්න. දකුණු පළාත් සභාව ස්ථාපිත කලාපට පස්සේ එහෙම පාසල් 38 ක් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් පමණක් වහල දමල තියෙනව. අධ්‍යාපන බලධරයින්ටත් දේශපාලකයින්ටත් හිතන්න හොද අවස්ථාවක්.
අහිංසකයෝ මරන්නද යන්නේ
මෙය වසංගත තත්වය තුල පාසල් ආරම්භ කිරීම සඳහා දරන ප්‍රයෝගික උත්සාහයක්. නමුත්, සෑම දෙයකම වරදක් දකින රටක මිනිසුන්ට මෙහි අගය නොතේරේ.
ඔන්ලයින් කරලා වැඩක් නැති ඒවද? පාසල් විවෘත කරන්නේ ඔක්කොම ඔන්ලයින් කරලා ඉවර වුනාම, ඕක තමයි කොරෝනාවල ප්‍රධාන ව්‍යාපෘතිය...
ගුරු මහතුනි පාසල් ආරම්භ කරිමට පෙර අධ්‍යාපන ගැන මීට වඩා හිතනන වෙයි
ඔව් ලලිත් මහතා, ගොඩහේනෙ ඉස්කොලයක් තිබුණා.ඒක තිබුණනම් අද ගොඩහේනෙ ලමයි ඉස්කෝලෙ යනව.තිලකපුර ඒක තිබුණනම් අද තිලකපුර ලමයි ඉස්කෝලෙ යනවා.දෙල්දූවෙ ඉස්කෝලයක් තිබුණා.ඒක තිබුණනම් අද දෙල්දූවෙ ලමියි ඉස්කෝලෙ යනව. ඔබ විදුහල්පති ලෙස සේවය කල ධම්මකුසල තිබුණ නම් මහ අම්බලන්ගොඩ පනියන්දූව වැනි ගම් වල ලමයි ඉස්කෝලෙ යනවා.