
සූවස් ඇළේ සිරවුණු මීටර් 400 ක් දිග ‘එවර්ගිවන්’ නෞකාව මුදා ගැනීමට හැකි වී තිබේ.
නැව මුදා ගැනීම සිදුවුණේ මීට සුළු මොහොතකට පෙර යැයි විදෙස් පුවත් සේවා පවසයි.
සූවස් ඇළේ ඉවුරේ ගැටී සිරවුණු නැව ඉවත් කිරීමට වැලි ටොන් 20 කට වැඩි ප්‍රමාණයක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ඉවත් කෙරුණි.
ඉන්පසු ටග් බෝට්ටු ආධාරයෙන් නැව ඇදීම සහ තල්ලූ කිරීම සිදුවුණු බවත් උදම් රළ හේතුවෙන් නැව පා වී යෑමට සැලැස්වුණු බවත් පැවැසෙයි.
තායිවානයේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගමට අයත්, පැනමාවේ ලියාපදිංචි ‘එවර්ගිවන්’ නෞකාව, ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් එකකි.
‘එවර්ගිවන්’ නෞකාවේ හිමිකරු ජපන් ජාතික කෝටිපතියෙකි. ඔහු ෂෝහෙයි කිසෙන් කයිෂාන්ය.
නෞකාව, රොටර්ඩෑම් බලා යෑම ආරම්භ කර තිබුණේ චීනයේ සිටි භාණ්ඩ පටවා ගෙන මැලේසියාව පසු කරමින්ය. ‘එවර්ගිවන්’ නෞකාවේ වේගය නොට් 22 කි. එය පැයට කිලෝ මීටර් 40 කි.
2018 වසරේ නිෂ්පාදිත, මීටර් 400 ක් දිග, මීටර් 59 ක් පළල, ටොන් 2,00,000 බර, ‘එවර්ගිවන්’ නෞකාව, පසුගිය 23 වැනිදා, කිලෝ මීටර් 193 ක් දිගින් යුත් සූවස් ඇළට පිවිසියේ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර බලා යාත්‍රා කිරීමටය.
සූවස් ඇළේ පළල මීටර් 200 ත් 300 ත් අතරය.
සූවස් ඇළ දිගේ යාත්‍රා කරද්දී, ‘එවර්ගිවන්’ නෞකාව, වැලි කුණාටුවකට හසුවී, පාලනයෙන් ගිලිහී, පැත්තට හැරී, ඉදිරිපස විලි තට්ටුවල ගැටී නතර විය.
නැව පැත්තට හැරී සිරවී නතර වූයේ සූවස් ඇළ හරස් කරමිනි. ඒ අනුව සූවස් ඇළේ නැව් ගමනාගමනය මුළුමනින්ම අඩපණ විය.
නැව මෙසේ අකරතැබ්බකට මුහුණ දුන්නේ, එහි යාන්ත්‍රික දෝෂයක් හටගත් බැවින් යැයි ද පැවැසෙයි.
සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට විශේෂ විමර්ශනයක් පැවැත්වෙන අතර, මූලික විමර්ශනවලින් තහවුරු වී ඇත්තේ නැව අනතුරට ලක්වූයේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ අත්වැරදීමක් නිසා බවය.
(රොයිටර්)


2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සූවස් ඇළේ සිරවුණු නැව ඉවත් කෙරේ
mohomed Monday, 29 March 2021 05:55 AM
ලංකාවේ පාලකයෝ මේක පෙන්නලා බඩුමිල වැඩිකරන්න ගියා නම් ඉතින් බඩුමිල වැඩිවෙන එකක් නෑ.
WCA Monday, 29 March 2021 10:41 AM
මේකෙන් වාසිගන්න අපේ පාලකයින් හඬ පටි නිකුත් කරකර හිටියා නේද? දැන් මොකද දන්නෑ කියන්නේ...? මෙහෙමත් පාලකයින් මොකක් හරි වුණොත් බලන්නේ මහජනතාවගේ බඩට ගහන්න..