(මනෝප‍්‍රිය ගුණසේකර)
ස්වර්ණවාහිනියේ කොටස් විකිණීමේ සිද්ධියට අදාළව පොලිසිය සිදුකළ විමර්ශන අසම්පුර්ණ බව පොලිස්පතිවරයාට දැනුම් දුන් නීතීපතිවරයා එම සිද්ධියට අදාළව යළි විමර්ශන සිදුකරන ලෙස අද (22) වැඩිදුරටත් දැනුම් දුන්නේය.
අසම්පුර්ණ විමර්ශන ගොනු යළි පොලිස්පතිවරයා වෙත යවමින් ඒ බව දැනුම් දුන්නේ යැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණීය පැවසුවාය.
ස්වර්ණවාහිනියේ කොටස් විකිණීමේ සිද්ධියට අදාළව පොලිසිය සිදුකළ විමර්ශන කටයුතු හරියාකාරව සිදුකර නොමැති හෙයින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැති බවද නීතිපතිවරයා වැඩිදුරට අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒකෙත් කොනක මැදමුල්ලන ගෑවිලා තියෙනවද? එහෙනම් වැඩිය කාලය නාස්ති නොකර අල්ලලා විසිකරලා දාන්න. මොකෝ අර 68 ලක්ෂයක් අයට ඔව්වා තේරෙන එකක් කියලද?