(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ සහ අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වලට මෙන්ම දේවස්ථානයකට උල් පිහියක් රැගෙන ඇතුළුවී මුදල් සහ දේපොළ කොල්ල කෑමේ යෙදුණු සංවිධානාත්මක අපරාධ කරුවෙකු වැල්ලම්පිටිය සේදවත්ත පාළු නිවසක් තුළ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක්,හොරෙයින් මත්කුඩු ග්‍රෑම් දහයක්,හා උල් පිහියක් පිහියක් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත
ඊට අමතරව තිඹිරිගස්යාය ජාවත්ත ප්‍රදේශයේ දේවස්ථානයකට ඇතුළුවී පියතුමාට උල් පිහිය එල්ලකර කොල්ල කා තිබූ රන් මාලය හා මුදු දෙක ද පොලිස් බාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මීට දින කීපයකට ඉහතදී සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය බම්බලපිටිය පොලීසියේ සැරයන්වරයකු ට සහ කොස්තාපල්වරයෙකුට ද පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර තිබූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු විසින් තිඹිරිගස්යාය නාරාහේන්පිට වැල්ලවත්ත ,කුරුඳුවත්ත බම්බලපිටිය හා වත්තල ආදී පොලිස් වසම් වල දී සුපිරි වෙළඳසැල් වලට සහ ආයතන වලට ඇතුළුවී උල් පිහිය එල්ලකර මුදල් සහ සහ දේපල කොල්ල කා තිබූ බව පොලිසිය කියයි
2025 නොවැම්බර් මස 04
357
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංවිධානාත්මක අපරාධකරුවෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි