
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය සහමුලින්ම නීති විරෝධී එකක් බව එම පක්‍ෂයේ හිටපු ලේකම් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය
නිමල් සිරිපාලද සිල්වා සහ දුමින්ද දිසානායක නිත්‍යානුකූලව පත්වූ අය නොවන හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වීමට ඔවුනට කිසිම අයිතියක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
මෙම සම්මේලනයට තමාට ආරාධනය නොකළ බවත් සංවත්සරයේදී අද ගන්නා තීන්දු නීති විරෝධී බවත් ජයසේකර මහතා පැවසීය.
නඩු තීන්දුව ලැබුණට පසු හොරට පත් වූ අය ඉවත් කරන බවද හෙතෙම සඳහන් කළේය.
තමන්ට වාසියක් ලැබුණු වහා ඕනෑම තැනක ලගින්න පුළුවන් මිනිසුන්ගේ අනාගතය අවසන් කරන බවත් මේ අය සමග වැඩ කරන්න එපා යැයි තමා සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රබූවරු කරන වැඩ කියලා හිතාගෙන සැනසෙන්න? මොකටද නිකම් හිත අවුල් කරගන්නේ? එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පනින ප්‍රභූවරුත් නැතුව නොවෙයි..
එ.ජා.ප.සම්මේලනයත් ළගදීම තියෙනවයි කියන්නේ? තමුන්ගේ මහගෙදර නිසා ආරාධනා කරාවී?
මොන සංවත්සරද. සේරලා හෙලුවෙන් ඉන්නෙ මේරටට කරපු අපරාධවලට. මීහරක් පට්ටියක්. හොරා කෑවා බොන්න පුරවා ගත්තා කල්ප ගානක්. අනිත් මීහරක් පට්ටියත්දින දාගන සමරන්න. උබ්ස්ලගෙ පපුවට අත් තිලා බැලුවානම්. එකෙක් ඉන්නවද රටට ජනතාවට. වැඩකරපු. කේලම් කියලා කොටවලා. මුදල් වලට පක්ෂ මාරුකරලා. මුන් කෙරුවේ ඒවා. පාර්ලිමේන්තු ඇවිත් පොඩි දරුවන්ගේ බාලදක්ෂ. කඳවුරු ඉට වැඩිය හොදයි. ගෙදරට ගිහින් අහලා හරි වැඩක් කරලා දෙනවා සමගියෙන්. දැන්නම් ලන්කාවට දෙවියො වැඩලා ඉන්නෙ ඒනිසා මුන්ගෙ සන්වත්සර දවස පාතාලයටබාර දෙන්න ඕන. රට කාපුමීහරක්. දැන් රැස්වෙන්නෙ මාලිමාව ගෙදර අරින්නලු. එහෙමෞන්ට ලගදීමරියන් අටේ සැතපෙන්න වෙයි. ජනතාවතෙකතු වෙන්න මාලිමාව සමග මුන් සේරමබන්ගවෙලාම. යන්නවැඩ කරන්න
තමන් ගියා නම් ගිය තැනක ඉන්නවා . අනුන්ගේ දේවල් වලට හොට දාන්නේ නැතුව.
අනූන්ගේ කූඩාරම් වලට රින්ගන්නේ නෑ කියලා වතාවක් කිව්වා. බලාගෙන ගියාම කරලා තියෙන්නෙත් රින්ගපු එකනේ, ප්‍රභූවරු කරන වැඩක්නේ රින්ගන එක. පහුගිය දවස්වල අපි නම් හොදටම දැක්කා...
ඉතින් මෙයාට පාන්ද උන් මොක කලත්, මෙයා සජාබේ නේ දැන්.