
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයකට එක් විය.
ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින දස මහල් නව හදිසි ප්‍රතිකාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ලක් කළ අමාත්‍යවරයා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සදහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතව ඉදිකිරීම් ආරම්භ කළ මහාචාර්ය ඒකක සහිත දස මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම් අතරමඟ නවතා දමා තිබීම පිළිබඳව අවධානය යොමු කළේය.
මෙම දස මහල් ගොඩනැල්ල ඉදිකිරීම සදහා 2023 වසරේ රුපියල් බිලියන 2.26 ක මුදලක් වෙන්කර තිබූ අතර ඉදිකිරිම් කටයුතු 2025 වසරේ නිමකිරීමට සැලසුම් කොට තිබුණි. මෙහි කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද සහ මනෝ වෛද්‍ය විශේෂඥ අංශ මහාචාර්ය ඒකක ස්ථාපිත කර වෛද්‍ය පාඨමාලා ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබුණි.
රෝහලේ තෙමහල් පිළිකා ප්‍රතිකාර සංකීර්ණ ගොඩනැගිල්ල සහ එහි ප්‍රතිකාර කටයුතුත් එහි ස්ථාපිත කොබොල්ටි විකිරණ ප්‍රතිකාර අංශය, ඖෂධාගාරය, විකිරණ ප්‍රතිකාර අංශය ඇතුළු රුධිර කාන්දු පෙරණ ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය වැනි අංශ ගණනාවක් ද අමාත්‍යවරයා නිරීක්ෂණයට ලක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2023න් පටන්ගෙන 2025 ඉවර කරන්නලු තිබුණේ.. ගිණුම් පරීක්ෂා කළොත් හොයාගත හැකි වේවි ප්‍රමාදයට හේතු...