(මැදගම වාර්තාකරු)
මැදගම කරමැටිය මොරගොල්ල කන්ද තරණය කර එහි ගලක් මතට නැඟ මිතුරන් සමග සෙල්ෆි ජායාරූපයක් ගැනීමට ගිය තරුණයකු ගල ලිස්සා අඩි සීයක පමණ ප්‍රපාතයකට වැටී මරණයට පත්ව ඇතැයි මැදගම පොලිසිය පවසයි.
ඔහු මැදගම කරමැටියේ දහනව හැවිරිදි ඒ.එම්.අකිල නැමැත්තෙකි.
තවත් තරුණයන් දෙදෙනකු සමග මොරගොල්ල කන්ද තරණය කර ඇත.
සෙල්ෆියක් ගැනීමට ගල්තලාවක් මත පිහිටි විශාල ගලක් මතට නැඟ සිටියදී ලිස්සා යාමෙන් තරුණයා අඩි සීයක පමණ ප්‍රපාතයකට ඇද වැටී ඇත.
සිද්ධියෙන් කම්පනයට පත් අනෙක් තරුණයන් දෙදෙනා ගම්වාසින් එක්ව මැදගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝවිඩ් තියෙන වෙලාවේ ගෙදරට වෙලා ඉන්න කිව්වාම පණ්ඩිතකම් කරන්න යනවා. අනෙක් දෙන්නාට දඬුවම් දෙන්න ඕනෑ. මැරිච්ච අය ගැන නම් පව්...!!!
ඕං කෝවිඩ් වලට පරිස්සම් වෙන හැටි....