(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ සැලසුමක් නැති වැඩපිලිවල හේතුවෙන් අද රටම අසරණ තත්වයට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ජනතාව පීඩාවට පත්කරමින් ගජ මිතුරන් පොහොසත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇතැයිද ෆොන්සේකා මහතා සදහන් කරයි.
"අද රටේ ජනතාවට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා. මේ රටේ ඉන්ධන මිල ඉහල යනවිට එය ප්‍රවාහන ගාස්තු, ආහාරපාන යන සෑම අංශයකින් ජනජීවිතයට බලපානවා. මේ රජය විශාල ප්‍රමාණයකින් හදිසියේම ඉන්ධන මිල ඉහල දමන්න තීරණය කරලා. යහපාලන අපේ රජය වැඩ ආරම්භ කරේ ඉන්ධන මිල පහළ දමමින්. එය අපි දිගටම පවත්වා ගත්තා. අපිට ඉන්ධන මිල සූත්‍රයක් තිබුණා. මේ රජය ඇවිත් ඉන්ධන බැරලයක මිල ඩොලර් 20 දක්වා පහලට ගියා ලෝකයේ ඉන්ධන මිල පහල වැටුණා. නමුත් මේ රජය ඒ තුලින් ජනතාවට සහනයක් ලබා දුන්නේ නැහැ. මේ අය කිව්වේ තෙල් වලින් ලැබෙන මුදල් වෙනම තැන්පත් කර ජනතාවට සහන දෙනවා කියලයි. අද එ කිසි දෙයක් නැහැ. අද රජයට මුදල් නැහැ. බදු සහන දුන්නේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ටයි.
මේ රජය අලුත් ජාවාරමක් පටන් ගෙන තිබෙනවා. සීනි පොල්තෙල් සියල්ල ජාවාරම් කාරයින්ට ගෙන්වන්න ඉඩ දීලා බදු මුදල් අහිමි කරගෙන දැන් මාතෘභූමිය විකුණන්න හදනවා. මාතෘභූමිය යනු තරා තිරමක් නොබලා සියලු දෙනාටම අයිති දෙයක්. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැක්කනේ අවුරුදු 5ක සැලසුම... තමුන්නැහේලගේ කිසිම දැක්මක් නැති සැලසුමක් තියා පොඩි දෙයක්වත් සංවිධානය කරගන්න බැරි නායකයෙක්ට නේද කඩේ යන්නේ...? පුලුවන්නම් සැලසුමක් ඉදිරිපත් කරන්න ඔබතුමාලාගේ... මම අභියෝග කරනවා බෑ කියලා.. මොකද ඔබලාගේ සෙට් එකට එච්චර දෙයක් බැරි නිසා කයිවාරු ගහනවා ඇරෙන්න. ඒක ඔප්පුකරලාම පෙන්නුවා පහුගිය අවුරුදු 5 දී...
හරියටම කියනවා නම් ළඟදීම ජනපති, අගමැතිට හොඳ කණේ පාරක් දීලා ආණ්ඩුව විසුරුවා හරින්න.
හැමදාම ප්‍රායෝගික නොවන දේවල් කියකියා හිටියා මිසක් දැන් යථාර්ථයට මුහුණ දෙන්නට වෙලා තමුන්ගේ අසාර්ථක බව තෙරුම් ගන්න. කොරෝනාවෙන් ජනතාව මරණ බියෙන් දහදුක් විඳිද්දී, බිලියන 6කට වැඩි ජීප් රථ ආනයනය කර මේ අය සුරලොව සැප විඩිනවා. ඒ අස්සේ නැවේ ගින්න දැනගත්ත මොහොතේම ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇදගෙන නොගොස් ගින්න වැඩි වෙනකම්ම හිටියා අදින්න. දැන් කමිටු 5ක් දාලා බොරු සංදර්ශන කරලා අපේ තවත් ලක්ෂ ගණන් මුදල් නාස්ති කරනවා. අපේ ඉතිහාසයේ දැක්කේ නැහැ මේ වගේ අසාර්ථක ආණ්ඩුවක්.
මෙන්න වැඩකාරයා, මේ කොල්ලා අත නොගැහුවා නම් අදත් අපේ කොල්ලන් යුද්දේ කරනවා. පොත් ගහගත්තේ පොර යුද්දේ කෙරුවා නම් අපි අද අනාථයි. පේනවනේ ගොයියගේ වැඩ කිඩ...
පාට පක්ෂ අමතක කර නව පෙරමුණක් හදන්න නායකත්වය දෙන්න... සජිත්ගෙන් අවශ්‍ය දේ වෙන්නේ නෑ. තව ප්‍රමාද වුනොත් හදන්න රටත් නැතිවෙයි...
යහපාලනයේදී යසට මහබැංකුව සුද්ද කිරීම, පාස්කු ප්‍රහාර වළකා ගැනීමට පසුබට වීමක් එක් නොකර කොහොමද?
මේ රජයට ‘‘සැලසුම්‘‘ යන වචනයවත් නොතේරේ.. මොනවටද සැලසුම්? ලොක්කා ඔක්කොම දන්නවා. සැලසුම් ඔහුට පේන්න බැහැ.
දැන් ඕගොල්ලෝ සැලසුමකට කළාද? ඒ නිසාද අපිට ක්‍රෝටන් කොළ කන්න කිව්වේ? තෙල් එනකන් මුහුද දිහා බලාගෙන සිටියේ? ෂෙඩ්වල පැට්‍රල් පෝලිම් තිබුනේ?