(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුවේ පාළු නිවසක නිරෝධාන නීති උල්ලංඝනය වන ආකාරයට සූදු පිටියක් පවත්වාගෙන ගිය සැකකරුවන් නවදෙනකු රුපියල් අනූ හය දහසක මුදල්, කාඩ් කුට්ටමක් අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.
පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බූරුපිටියට මොරටුව කටුබැද්ද සිරිබර මැණිකේ අවට නිවැසියන් මෙන්ම මොරටුව පිලියන්දල යන ප්‍රදේශවලින් ද සාමාජිකයන් පැමිණ සිටි බව පොලීසිය කියයි. මෙම සැකකරුවන් රැකියාවක් ලෙස වඩු කර්මාන්තය මෙන්ම ත්‍රීරෝද රථ ප්‍රවාහන සිදු කරන්නන් බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd