IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සෙලෙන්ස්කි - අනුරට ස්තුතිය පුද කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේනයේ පෙරේදා(24) යෙදී තිබූ 34 වැනි නිදහස් දින සැමරුමට සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ස්තුතිවන්ත වන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සමග තිබෙන මිත්‍රශීලී සබඳතාවය සහ සහයෝගීත්වය යුක්රේනය අගය කරන බව ජනාධිපති සෙලෙන්ස්කි පැවැසුවේය.

අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමය හා සමෘද්ධිය සඳහා වූ හවුල් කැපවීම මත එම සබඳතා ගොඩනැගී තිබෙන බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඉඩක් තිබෙන බවත් ඉන් දෙරටටම වාසි අත්වනු ඇතැයි විශ්වාස කරන බවත් ජනපති සෙලෙන්ස්කි පැවැසුවේය.

 



අදහස් (2)

සෙලෙන්ස්කි - අනුරට ස්තුතිය පුද කරයි

අරවින්ද මොණරවිල Tuesday, 26 August 2025 09:24 AM

අනොන්‍ය සබදතා වර්ධනය කර ගන්න කලියෙන් රට ආරක්ෂා කර ගන්න ක්‍රමයක් හොයා බලන්න, නැත්නම් පුටින් ඕක සුන්බුන් ගොඩක් කරලා නවතියි.

:       0       0

යෝගා Tuesday, 26 August 2025 09:46 AM

දෙන්නම තමන්ගේ රටවල් කබලෙන් ලිපට ඇදල දාපු ජෝකර්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site