(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොළඹ නගරයේ දේපොළ කීපයක අයිතිය පැවරීමට යන බව කියන සෙලන්දිවා ආයතනය ගැන කරුණු කිසිවක් රටට හෙළි කර නැති හෙයින් ඒ පිළිබඳව අගමැතිවරයා පාර්ලිමේන්තුවට විස්තරයක් කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
අදාළ රාජ්‍ය ඇමැතිවරයා හෝ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ඉන් පසු පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න විමසා ඒ පිළිබඳව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇති බවද කීය.
ප්‍රශ්න නිරාකරණය කර ගත් පසුව ඒ සම්බන්ධයෙන් සත්‍ය තත්වය රටට හෙළි කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත, හැබැයි අර හම්බන්තොට වරාය පවරපු එක ගැන කරුණු කිව්වට පස්සේ... ඕනෑම නම් මාමගේ කාලේ ජනතා වතු සංවර්ධන මණ්ඩලේ යටතේ තිබුණු ලක්ෂ ගණන් වටිනා සරුසාර පොල් ඉඩම්.., පක්ෂයේ මන්ත්‍රීලා ඇමැතිලාගේ මුඩු ඉඩම් වලට හුවමාරු කරපුවා ගැනත් කරුණු කියන්න පුළුවනි.. මිනිස්සුන්ට අමතක වේගෙන එන හින්දා...!!!
ඒවා ඔක්කොම පවුලේ දේපළ... කරන්නේ මොනවද කියලා පවුලේ අය විතරක් දැන ගත්තාම ඇති...
ඔය විදිහටම අර මහ දේවල් බැංකුව කොල්ලකාපු හැටිත් කියනවද?
ඔබතුමාගේ කාලේ තිලාන් විජේසිංහ මහතාගේ උපදේශකත්වයෙන් හයටි හෝටලේ විකුණන්න ගියේ. 2019 ජුනි මාසේ 30 ට පූර්ණ අයිතිය පුද්ගලයෙකුට පවරන්න සියළු කටයුතු සම්පාදනය කරලා තිබුණේ... 2019 අප්‍රේල් 21 ප්‍රහාරය නිසා එය යට ගියා. එ් වෙනවිට ඉදිකිරීම් සීමාකරලා තිබුණේ. දැන් මේ මොන කතාද..?
ඔබතුමා කණගාටු වියයුතු නැහැ. ඔබතුමා නවත්තපු තැන සිට මේ අය පටන් අරගෙන තිබෙනවා. අවු.73ක වලව් පාලනවල මංකොල්ලකෑමේ විපාක තමයි අද විකුණන්න වෙලා තියෙන්නේ. ඔය කවුරුත් දක්ෂයෝ වුණා නම් අද අපි උකසට සින්න වෙන හිඟන්නන් නොවෙමු.
අදහස් දාන පිස්සෝ මේ කාරනේ වැදගත් කම නෙමෙයි කථා කරන්නේ. 1920, 1970 මොකද උනේ කියලා. පරණ වැරදි දැන් හදන්න බෑනේ. දැන් වෙන්න යන විනාශකාරී වැඩක් තියෙනවානම් ඒක නවත්තන්න බලමු.
විපක්ෂ නායකකම ගන්න. ප්‍රයෝජනවත් ප්‍රශ්න අහන්නේ මෙතුමා විතරයි. අහන ප්‍රශ්නවලට කට උත්තර නැහැනේ...
මැරිලා ඉපදිලා වගේ තමයි කතාව.
මේකෙ රනිල්ට විරුද්දව කොමෙන්ට් කරල තියන අය සාක්කිත් තියනව නං පොලීසියෙ දාන්නකෝ ගිහින් ඇන්ට්‍රියක්.