
(කේ. බුද්ධික කුමාරසිරි)
රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ රණවිරුවා අත් අඩංගුවට ගැනීමට එරෙහිව වෙනුවෙන් ජනතා අත්සන් ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනනෙහි දෙවන දිනය අද (15) දින හෝමගම නගරයේ ධර්මපාල පිලිරුව ඉදිරිපිටදී සිදු කෙරිණි.
නව ජනතා පෙරමුණ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම මගින් සංවිධානය කළ මෙම වැඩසටහනෙහි පලමු වැඩසටහන පෙරේදා (14) දින මහරගම නගරයේදී පැවැත්විණි.
"රණවිරු සුරේෂ් සලේ දගගෙට යවන මර්ධනකාරී ආණ්ඩුවට එරෙහිව පලමු හඩ" ලෙස මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ නව ජනතා පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනතා නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම අත්සන් ලබා ගැනීම සිදු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ෆොන්සේකා මහත්තයා බොරු චෝදනා පිට හිර කරලා ඉද්දි මෙහෙම ඒවා දැක්කේ නැත්තේ ඇයි...?
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන්, ඊට සම්බන්ධ වූ අයගේ නම් ගම් අනාවරණය වෙයි කියන බයට මිසක් අත්සන් ගන්නේ අහවල් දේකට නම් නොවෙයි. නීතීය කාටත් පොදුයි...
පාස්කු වින්දිතයින්ට සාධාරණත්වය ඉල්ලලා අත්සන් පන්ලක්ෂයක්වත් ඕනෑ...
ශ්‍රේෂ්ඨ නිලධාරියෙක්.. අපේ ජාතිය බේරා ගැනීමට ඔබ කළ සේවය බෙහෙවින් අගය කරනවා.
අධිකරණය, පැමිණිලිකාර පාර්ශවයෙන් ඉදිරිපත් කරන කරුණු කාරණා (සාක්ෂි) සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළොත් පමණයි ඔහු වැරදිකරුවකු වන්නේ. නැතුව අත්සන් ලක්ෂයක් නෙමෙයි. අත්සන් ලක්ෂයක් ඉදිරිපත් කරලා කිසියම් චූදිතයෙකු නිදහස් කරන්න පුළුවන්නම් ඉතින් නඩු දාන එකයි අහන එකයි කිසිම තේරුමක් නැහැනේ.