(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ රඳවා ප්‍රශ්න කරන හිටපු බුද්ධි අධ්‍යක්ෂ හිටපු මේජර් ජනරාල් සුරේෂ් සලෙ  මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් කිරීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් හිතා බලන්නැයි කොටුව මහේස්ත්‍රාත්  ඉසුුරු නෙත්තිකුමාර මහතා සුරේෂ් සලේ මහතාට දැනුම් දුන්නේය.

ඔහු ලබන 20 වැනි දා තෙක් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට  අවසර දුන් මහේස්ත්‍රාත්වරයා   අදාල කරන විමර්ශන එදිනට අධිකරණයට වාර්තා කරන්නැයි රහස් පොලිසියට නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන ප්‍රගතිය පිළිබඳව අධිකරණ සෑහිමිට පත්වන බව ද මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ දන්වා සිටියේය.