(රන්ජන් කටුගම්පොල)

22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ද, එම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද, ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහකාර ලේකම් ලකිත වාකිස්ට ආරච්චි සහ භාණ්ඩාගාරික පසිඳු සිල්වා යන මහත්වරුන් විසින් ගොනුකොට ඇති පෙතසමෙයි වගුත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

මෙම පනත් කෙටුම්පත  සම්මත කර ගැනීමට ජන ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වේ

එබැවින් මෙම පනත් කෙටුම්පතේ දෙක සහ තුන ඡේදයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසද පනත් කෙටුම්පත  සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස ද ශ්‍රී ලංකා නීතිඤ සංගමයේ සිය පෙත්සමෙන්  ඉල්ලා ඇත.