
(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)
සිලිසිලි බෑග් සඳහා නොවැම්බර් පළවැනිදා සිට මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පරිසර අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
පොලිතීන් සහ සිලීසිලි බෑග් භාවිතය හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කර ගැනීම සඳහා පොලිතීන් සහ සිලීසිලි බෑග් භාවිතයට ජනතාව මන්දෝත්සාහි කිරීම සඳහා බද්දක් පනවන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකර තිබු මූලික ඇතිවාසිකම් පෙත්සමක් කැඳවු අවස්ථාවේදී පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය එසේ දැනුම් දුන්නාය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන” ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
පොලිතීන් සහ සිලීසිලි බෑග් භාවිතය හේතුවෙන් පරිසරය දූෂණය වන හෙයින් එය අවම කිරීමේ පියවරක් වශයෙන් පොලිතීන් සහ සිලීසිලි බෑග් සඳහා බද්දක් පනවන්නැයි ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය මීට පෙර අවස්ථාවකදී මූලික ඇතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබු අතර පොලිතින් සහ සිලිසිලි බෑග් සඳහා බද්දක් අය කරන බවට පරිසර අමාත්‍යාංශය අධිකරණය හමුවේ පොරොන්දු වී තිබිණි.
එම පොරොන්දුව අනුව පරිසර අමාත්‍යාංශය කටයුතු නොකිරීම හේතූවෙන් පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා පියවර ගන්නැයි ඉල්ලමින් ගොනුකර ඇති මූලික ඇතිවාසිකම් පෙත්සම කැඳවන්නැයි ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෝෂමකට අනුව පෙත්සම කැඳවනු ලැබීය.
පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්දනාත් දාබරේ මහතා කරුණු දක්වමින් අධිකරණයේදී මිට පෙර අවස්ථාවකදී ඇති වු එකඟතාවය අනුව පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් කටයුතු කර නොමැති හෙයින් පොලිතින් හේතුවෙන් සිදුවන පාරිසරික දූෂණය තවමත් සිදුවන බව පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි. මෙය ක්‍රියාවට නැංවුවහොත් මාලිමා ආණ්ඩුව විසින් තම පළමු වසර තුළ සිදු කළ හොඳම යහපත් ක්‍රියාව එයයි. මේ සිලි සිලි බෑග් වැඩේ ලෝකයේ වෙනත් රටවල ඇත්තේම නැති තරම්. ලන්ච් ෂීට් නමැති වසංගතය ද වෙනත් රටවල නැහැ. සිරිසේන ජනපති සමයේත් මෙවැනි තහනමක් පිළිබඳ කතා වුවත් පොලිතීන් කොම්පැනිකරුවන් විසින් ජනතාව උසි ගන්වා කරන ලද විරෝධතා නිසා එය යටපත් වුණි. මෙය සම්පූර්ණයෙන්ම නතර කරනවා නම් තවත් හොඳයි. එක සිලිසිලියක් දෙවරක් වත් භාවිත කරන්නැයි යනුවෙන් මිනිසුනට කියා දිය හැකි නම් එය පමණක් වුව පරිසරයට කරන විශාල සෙතක් වනු ඇත. ලංකාගමට තිබූ පාර පිළිසකර කරන විට ඊට එරෙහිව හඬ නැගූ මාලිමාවට සම්බන්ධ පරිසරවාදීන් මේ සිලි සිලි මලු ගැන මීක් නැත්තේ ඊට එන්ජීඕ පැත්තෙන් තල්ලුවක් නොලැබෙන නිසාද?
සමහරක් එවුන් අනුන්ට හිරිහැර වෙන ආකාරයට පොලිතින් පිලිස්සීම කරන අවස්තා තිබුණා...
පොලිතින් බෑග් එකක් රුපියලක් අයකලොත් මේක සාර්ථක වෙන්නේ නෑ. මේවා සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි ඵහෙම නැතිනම් බෑගයක් රුපියල් 10ක්15ක් විය යුතුයි.