
(ගයාන් සූරියආරච්චි)
ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී හෙට(5) සිට ලබන (11) වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක්, විශේෂ රථවාහන සැලැස්මක් සහ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය.
එම සර්වඥ ධාතූන් වහන්සේලා ඉන්දියාවේ සිට අද (04) මෙරටට වැඩම කරවනු ලැබීය.
පිටකොටුව සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන සැදැහැවතුන්ට පැරැණි එම්.ඕ.ඩී. පාක් එක සහ ලේක්හවුස් වටරමුව ආශ්රිත රථගල්වලට පැමිණිය හැකි අතර පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ ඉතාම සහනදායී මිලට පැය 24 පුරා ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd